කොරෝනා වේගයෙන් පැතිරී යන බැවින් පාසැල් ගැන තීන්දුවක් ගන්නැයි සෞඛ්‍ය අංශ දැනුම් දේ

0
326

පාසල් දරුවන් අතර කොරෝනා වෛරසය වේගයෙන් පැතිරෙන තත්ත්වයක් ඇතිවී තිබෙන බව සෞඛ්‍ය අංශ විසින් සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුවත් කර තිබේ.

ඒ අනුව සියලුම සෞඛ්‍ වෛද්‍යය නිලධාරීන් ලවා ඒ සම්බන්ධයෙන් පසු විපරමක් හා විශ්ලේෂණයක් සිදුකර තීන්දුවකට එළඹිය යුතු බව ද ඔවුන් දන්වා ඇත.

ඉන් පසු ගත යුතු තීන්දු තීරණ වහාම ගන්නා ලෙස ඉල්ලා සිටි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් නවීන් ද සොයිසා මහතා පැවසීය.

පාසල් දරුවන් අතර වසංගතය පැතිර යන මේ වර්ධනයක් පෙනෙන නිසා තවදුරටත් පැතිර යාම වැලැක්වීමට අවශ්‍ය තීරණ නොපමාව ගත යුතු බවද ඔහු පෙන්වා දෙයි.

මේ වනවිට පාසල් විවෘත කරන කර තිබෙන නිසා තත්ත්වය පාලනය කරගත යුතු බවත් ඔහු තවදුරටත් පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here