නව වසරේ පළමු පාසල් වාරය 2022 අප්‍රේල් 18

0
539

සියලු පාසල් සඳහා 2022 වසරේ පළමු පාසල් වාරය අප්‍රේල් 18 වැනිදා ආරම්භ කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය චක්‍රලේඛයක් නිකුත් කරමින් දැනුම් දෙයි.

ඒ අනුව, 2021 වර්ෂයේ තෙවැනි පාසල් වාරය 2022 අප්‍රේල් මස 8 වැනිදා අවසන් වේ.

2021 වර්ෂයට අදාළව පාසල් විභාග පැවැත්වෙන දින හා 2021 වර්ෂය සඳහා රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පාසල් වාරය අවසන් කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා මේ මස 26 වැනිදා නිකුත් කර ඇති චක්‍රලේඛයේ මේ බව සඳහන් වේ.සියලුම පළාත් ප්‍රධාන ලේකම්වරුන්, පළාත් අධ්‍යාපන ලේකම්වරුන්, පළාත්, කලාප හා කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්, පරිවේණාධිපති හිමිවරුන් සහ විදුහල්පතිවරුන් වෙත මේ චක්‍රලේඛය නිකුත් කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here