Friday, May 17, 2024

අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් තාවකාලිකව අවලංගුකර තිබු දුම්රිය ගමන්වාර කිහිපයක් අද සිට

අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් තාවකාලිකව අවලංගුකර තිබු දුම්රිය ගමන්වාර කිහිපයක් අද දිනයේ සිට යළි ක්‍රියාත්මක කරන බව දුම්රිය ප්‍රධාන පාලක මැදිරිය පවසනවා.

ඒ අනුව කොළඹ කොටුව සිට පොඩි මැණිකේ දුම්රිය අද උදෑසන 5.55 ට බදුල්ල දක්වා ගමන් ආරම්භ කළ අතර උදෑසන 8.30 ට බදුල්ලේ සිට කොළඹ කොටුව බලා තවත් දුම්රියක් ගමන් ආරම්භ කළ බව දුම්රිය ප්‍රධාන පාලක මැදිරිය සඳහන් කළා.

කෙසේ වෙතත් පොඩි මැණිකේ දුම්රිය පමණක් අද සිට උඩරට දුම්රිය මාර්ගයේ බදුල්ල – කොළඹ අතර ධාවනය කිරීමටයි සැළසුම් කර ඇත්තේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles