රට තුළ විදුලි කප්පාදුවක්, ඉන්ධන හිඟයක් වෙන්නෙ නෑ – ඇමති ගමිමන්පිල

0
336

රටේ දැනට පවතින විදේශ විනිමය සහ රත්‍රං සංචිත සම්බන්ධයෙන් තොරතුරු ලබාදෙන්නැයි එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා රජයෙන් ඉල්ලා සිටියා.

ඩොලර් හිඟය හමුවේ රට තුළ විදුලිය කපා හැරීමක් සිදුවිය හැකි බවයි ඔහු පෙන්වා දුන්නේ.

ඊට පිළිතුරැ දුන් බලශක්ති ඇමති උදය ගමිමන්පිල ප්‍රකාශ කළේ විදේශ විනිමය අර්බුදය හමුවේ රට තුළ විදුලි කප්පාදුවක් සිදුවීමට ඉඩකඩක් නොමැති බවයි. ඒ අනුව වර්ෂාපතනය අවසන් වුවද අවශ්‍ය විදුලිය නිෂ්පාදනයට අවශ්‍ය දැවි තෙල් මෙරට තුළ තිබෙන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

මෙම සංවාදයට කතානායකවරයා මෙන්ම සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ද මැදිහත් වුණා.

අයවැය කාරක සභා අවස්ථා විවාදය 06 වන දිනටත් අද පැවැත්වෙන අතර විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශවල වැය ශීර්ෂ විවාදයට ගැනෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here