Monday, May 6, 2024

යුගදනවි බලාගාරයේ කොටස් පැවරීමට එරෙහි පෙත්සම් සලකා බැලීම ලබන 16 කැඳවීමට නියෝග කෙරේ

කෙරවලපිටිය යුගදනවි ගිවිසුමට එරෙහිව ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකාබැලීම සඳහා ලබන මස 16 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (19) නියෝග කර තිබෙනවා.

කෙරවලපිටිය යුගදනවි බලාගාරය හිමි සමාගමේ රජය සතු කොටස් අමෙරිකානු සමාගමක් වෙත පැවරීමට අමාත්‍ය මණ්ඩලය විසින් ගෙන තිබෙන තීරණය සහ ගෑස් සැපයීමේ ඒකාධිකාරය අදාළ ඇමරිකානු සමාගම වෙත පැවරීමට ගෙන තිබෙන තීරණය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනුකර තිබෙනවා.

එම බලාගාරය හිමි සමාගමේ රජය සතු කොටස් ඇමරිකානු සමාගමක් වෙත පැවරීමට අමාත්‍ය මණ්ඩලය විසින් ගෙන තිබෙන තීරණය සහ ගෑස් සැපයීමේ ඒකාධිකාරය අදාළ අමෙරිකානු සමාගම වෙත පැවරීමට ගෙන ඇති තීරණය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා එම පෙත්සම් ගොනුකර තිබේ.

අදාළ පෙත්සම් අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධන, විජිත් මලල්ගොඩ සහ එල්.ටී.බී දෙහිදෙණිය යන පංච පුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබී ය.

කෙරවලපිටිය යුගදනවි ගිවිසුමට එරෙහිව ගොනු කර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බැලීම සඳහා ලබන මස 16 වන දා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (29) නියම කළේය.

එහි දී විනිසුරු මඩුල්ල නියම කළේ පෙත්සම් සලකා බැලීම ලබන මස 16 සහ 17යන දිනවල සිදුකරන බවය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles