Saturday, April 27, 2024

කොදෙවිවන් සමග දෙවෙනි තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරඟයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කර තිබෙනවා.

අද දින ශ්‍රී ලංකාව වෙනුවෙන් චරිත් අසලංක ටෙස්ට් වරම් දිනා ගැනීමට සමත් වුණා.

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ දී ශ්‍රී ලංකාවෙන් එක් වෙනස්කමක් සිදු වනු ඇති බව ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් දිනේෂ් චන්දිමාල් ප්‍රකාශ කළා.

මෙම තරගයෙන් වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර විවේක ගන්වා ඇති බවයි ඔහු සඳහන් කළේ.

ඒ අනුව බොහෝ විට ඔහු වෙනුවට වේග පන්දු යවන්නෙකු හෝ පිතිකරුවෙකු කණ්ඩායමට කැදවනු ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

තරගාවලියේ පළමු තරගය ජය ගත් ශ්‍රී ලංකාව මේ වන විට තරග 1-0ක් ලෙස තරගාවලියේ පෙරමුණ හිමි කර ගෙන සිටිනවා.

මෙම තරගය මිකී ආතර්ගේ පුහුණුකාරීත්වය යටතේ ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන අවසන් තරගය වීම ද විශේෂත්වයක්.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles