හැටන්වලත් ගෑස් ටැංකියක් පුපුරයි

0
297

හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ පවත්වා ගෙන යනු ලබන හෝටලයක සිදුවු ගැස් බටයක් පිපිරිමකින් එහි ආහාර දුව්‍ය රැසක් විනාශයට පත්ව ඇත.

හැටන් කොළඹ මාර්ගයේ පෘට්හිල් ප්‍රදේශයේ අයියප්පන් හෝටලය තුල 29වන දින මෙම ගැස් බටය පුපුරා ගිය බව එහි සේවකයකු පවසන ලදි.

මේ පිලිබදව වැඩි දුරටත් අදහස් දැක්වු එම සේවකයා පවසන ලද්දේ 29වන දින උදැසන ගැස් ලිප දල්වා පැයක් පමන කාලයකට පසුව ගැස් සිලින්ඩරය හා ලිප සම්බන්ද කරන බටය පුපුරා යාමෙන් සුලු ගින්නක් හටගත් බවත්ය.

පසුව එම ගින්න නිවා දැමු බවත් මෙම පිපිරිම හේතුවෙන් කිසිවකතුට තුවාල සිදුව නැති බවත් පිටි ක්‍රිලෝ හයක පමන අහාර ද්‍රව්‍ය විනාශයට පත්වු බවද ඔහු පවසන ලදි.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here