Friday, May 17, 2024

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් Omicron ගැන තවත් අනතුරු ඇඟවීමක් !

Omicron කොරෝනා වෛරස් ප්‍රභේදය ජාත්‍යන්තරව පැතිරීමට ඉඩ ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය දන්වා සිටිනවා.

එසේ සිදු වුවහොත් දැඩි ප්‍රතිවිපාක ඇති විය හැකි බවත් ඉහළ ගෝලීය ආසාදන අවදානමක් ඇති කරන බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය කියා සිටිනවා .

මේ අතර ,ඔමික්‍රෝන් නව කොවිඩ් ප්‍රභේදය මෙරටට පැමිණිම වැළැක්වීමට නොහැකි බවත් ඊට මුහුණදීමට සුදානම්විය යුතු බවත් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පවසයි.

මේ අතර නව වෛරස් ප්‍රබේදයේ පැතිරීම හමුවේ පළමුවෙන් වසාදැමූ රට බවට පත්වෙමින් ඊශ්‍රායේ අද රට තුළට ඇතුළුවීම තහනම් කර තිබේ.

ඔමික්‍රෝන් නව කොවිඩ් ප්‍රභේදය ආසාදනය වූවන්ට පෙන්වන්නේ සුළු රෝග ලක්ෂණ පමණක් බව දකුණු අප්‍රිකානු වෛද්‍ය බලධාරීහු පවසති.

දකුණු අප්‍රිකානු වෛද්‍ය සම්මේලනයේ ප්‍රධානී වෛද්‍ය ඇන්ජලික් කොට්සි පවසන්නේ හමුවී ඇති අසාදිතයින්ට රස සහ සුවඳ නොදැනීමේ තත්ත්වයක් මෙතෙක් වාර්තා නොවන බවයි.

රෝගය ආසාදනය වූවන්ට මස්පිඩු වේදනාව , වෙහෙසකාරී බව දින දෙකක් පමණ පවතින අතර සුළු කැස්ස තත්ත්වයක් ද වාර්තාවී තිබූ බව දකුණු අප්‍රිකානු වෛද්‍ය සම්මේලනයේ ප්‍රධානී වෛද්‍ය ඇන්ජලික් කොට්සි පවසයි.

පූර්ණ එන්නත්කරණයට ලක්වූවන් ඔමික්‍රොන් වෙත දක්වන ප්‍රතිචාරය පිළිබඳ තක්සේරු කිරීමට තවත් සති දෙකක් පමණ ගතවිය යුතු බව ඇයගේ අදහසයි.

ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය සඳහන් කළේ, නව ප්‍රභේදය ඉතාමත් වේගයෙන් පැතිර යමින් ඇති බවයි. ”මේ අලුත් ප්‍රභේදයට අපි අතර දැන් භාවිත කරන එන්නත්වල ඵලදායිත්වය සම්බන්ධව සැක පහළ වෙමින් පවතිනවා.

දකුණු අප්‍රිකානු කලාපයේ රටවල් 6 කට 28 වෙනිදා මධ්‍යම රාත්‍රි 12 සිට ශ්‍රී ලංකාව වෙත පැමිණිම අත්හිටුවලා තියනවා. පිසීආර් පරීක්ෂණ අපි පෙර පරිදිම කරගෙන යනවා.

මේ තත්ත්වය තවත් දරුණු වුණොත් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් අපට තවත් මාර්ගෝපදේශයක් ලබාදෙයි දැනට මේ වෙනකොට වැක්සින් දෙකම ගහපු අයට තාමත් කෙලින්ම තමන්ගේ ගමනාන්තය වෙතට නැත්තම් නිවස වෙත යන්න අවස්ථාව තාම තියනවා” ඉහළ බෝවීමේ හැකියාවකින් යුත් මෙම නව විකෘතිය ප්‍රථමයෙන් දකුණු අප්‍රිකාවෙන් සොයා ගත් අතර එතැන් සිට ඕස්ට්‍රේලියාව, එක්සත් රාජධානිය, ජර්මනිය, ඊශ්‍රායලය, ඉතාලිය, චෙක් ජනරජය සහ හොංකොං යන රටවල අනාවරණය විය.

ඔමික්‍රෝන් භීතියට ප්‍රතිචාර ලෙස අද රාත්‍රියේ සිට දින ඊශ්‍රායලය විදේශිකයන්ට රට තුළට ඇතුළු වීම තහනම් කළේ ය. දකුණු අප්‍රිකාවේ සංචාරයකයින් පසු ඕස්ට්‍රේලියාවේ සිඩ්නි වෙත පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු ඔමික්‍රෝන් රෝගීන් දෙදෙනෙකු ලෙස හඳුනාගෙන තිබේ.

එම දෙදෙනාම සම්පූර්ණයෙන්ම එන්නත් කර ඇති පුද්ගලයින් වන අතර ඔවුන් රෝග ලක්ෂණ නොමැති පුද්ගලයින් බව ද සඳහන් ය.

නෙදර්ලන්තය ද අර්ධ වශයෙන් ලොක් ඩවුන් කර තිබේ. ඒ ඊයේ දිනයේ එරට ඇම්ස්ටඩෑම් නුවරට දකුණු අප්‍රිකාවේ සිට පැමිණි යානා දෙකක සිටි පුද්ගලයින් 61 දෙනෙකු නව කොවිඩ් ප්‍රභේදය ආසාදිත බවට තහවුරු වීමත් සමගයි.

මේ අතර නව කොවිඩ් ප්‍රභේදය පිළිබද නිසි අවබෝධයන් ගැනීමට තවත් සති කිහිපයක් ගතවනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles