ඇෆ්ගනිස්තානයේ පාලනය තලේබාන් සංවිධානයෙන් ගිලිහෙයි?

0
379

ඇෆ්ගනිස්තානයේ පාලනය නිසි පරිදි පවත්වාගෙන යාමට තලේබාන් සංවිධානය අපොහොසත් වී ඇති බව එරට වාර්තා සදහන් කරයි.

තලේබාන් සංවිධානයේ මූලධර්මවාදී රීති ,ඒවා ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමේ ගැටලු සහ අතිශය සම්ප්‍රදායික දැක්ම කළමනාකරණය කර ගැනීමට නොහැකි වීම හේතුවෙන් මෙම තත්වය මතුව ඇති බව අන්තර්ජාතික විචාරකයෝ පෙන්වා දෙති.

තලේබාන් පාලකයන් තමන්ට අවශ්‍ය ඕනෑම දෙයක් කිරීමට පසුබට නොමැති වීම හමුවේ ඔවුන්ට අන්තර්ජාතික ව්‍යහුය තුළ පිළිගත් පාලනයක් ඇති කර ගැනීම දුෂ්කර වී ඇතැයිද එම විචාරකයෝ සදහන් කරති.

විශේෂයෙන් කාන්තා අයිතිවාසිකම්, සියලු පාර්ශව නියෝජනය කරන පාලනයක් ස්ථාපිත කිරීමට නොහැකිවීම වැනි කරුණු මත තලේබාන් පාලනය දිනෙන් දින අසාර්ථක වෙමින් ඇති බව පැවසේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here