Thursday, May 16, 2024

අර්ජුන එජාපය හැර යයි

වහාම ක්‍රියාත්මක වන පරිදි එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වීමට හිටපු අමාත්‍ය අර්ජුණ රණතුංග මහතා තීරණය කර තිබෙනවා.

ඔහු විසින් පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිපියක් යොමුකරමින් මේ බව සඳහන් කර තිබෙනවා.

තවදුරටත් පක්ෂයේ රැඳී සිටීම ඵලක් නොමැති බවට හැගී යන බවයි ඔහු පෙන්වා දෙන්නේ.

පසුගිය මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයට ලැබුණේ දැවැන්ත පරාජයක් බව ස්වයං විවේච්චනාත්මකව පිළිගත යුතු බවයි අර්ජුණ රණතුංග මහතා අවධාරණය කරන්නේ.

නායක රනිල් වික්‍රමසිංහ තමන් පිළිබද විශ්වාසය තබා ලබා දුන් ඇමතිකම් හා තනතුරු පිළිබද ස්තුති කර ඇති එතුමා 2020 පක්ෂේ ඇතිවූ බෙදීම අවාසනාවන්ත තත්වයක් බව එම ලිපියේ සදහන්. එසේම අනාගතයේ පාක්ෂිකයන් එකතු කරගනිමින් වැඩපිළිවළකට යාමට ඔහුට අවශ්‍ය වුවත් පක්ෂය ඒ පිළිබද උනන්දුවක් දන්වනවාද යන්න සැක සහිත වීම මත ඔහු ඉල්ලා අස්වන බව නායකයට දන්වා තිබෙනවා.

පකිස්ථාන අගමැති ඉම්රාන් ඛාන් ලංකාවට පැමිණ අර්ජුන මහතා මුණ ගැසුන අවස්ථාවේ දේශනයේදී ඔහුගේ ගමන ආදර්ශයට ගන්නයි අර්ජුන මහතාට විටක පවසා තිබුණා.

එසේම හිටපු ඇමති අර්ජුන රණතුංග පසුගිය පාර්ලිමන්තු මැතිවරණය පරාජයත් සමග කරු ජයසුරිය මහතාගේ දේශපාලන ව්‍යාපාරය සමගත් එතුමාගේ බෑණනුවන් වන නවින් දිසානායක මහතා සහ රවී කරුණානායක යන හිටපු ඇමති වරුන් සමග සමීපව වරින් වර දේශපාලන ක්‍රියාකාරකම් හා සම්බන්ධකම් පවත්වමින් සිටිනවා.

එසේම ඔහුගේ පුත්‍රයා ඇමරිකාවේ පසුගිය වාරයේ ක්‍රිකට් ක්‍රීඩා කිරීමට ගොස් සිටි අතර ඒ කාලයේද ඔහු සිටියේද එම කණ්ඩායම සමගයි

වත්මන් සහ අනාගත අභියෝග ජයගැනීමට සුදුසු වැඩපිළිවෙලක් ඇතිවන බවක් පක්ෂය තුළ පෙනෙන්නට නොමැති බැවින් තවදුරටත් පක්ෂයේ රැඳී සිටීම ඵලක් නොමැති බව ඔහු යවා ඇති ලිපියේ වැඩිදුරටත් සඳහන්.

එම ලිපිය පහතින්,

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles