අතුරුගිරිය ගෑස් අලෙවි නියෝජිතයෙකුගේ ගෑස් සිලින්ඩරවල ගෑස් කාන්දු වෙයි

0
575

තමා අලෙවිසැලේ අලෙවියට ගෙන ආ ගෑස් සිලින්ඩර සියල්ලම පාහේ ගෑස් කාන්දු වීමේ ලක්ෂණ පෙන්නුම් කරන බව අතුරුගිරිය ප්‍රදේශයේ ගෑස් අලෙවි නියෝජිතයෙකු සඳහන් කරයි.

ගෑස් සිලින්ඩරයක් රැගෙන ගිය පුද්ගලයෙකු එය කාන්දු වන බව පවසා ආපසු ගෙනත් දුන් බවත් ඉන් පසු නව සිලින්ඩරයක් ගෙන යාම සදහා එම සිලින්ඩරවලද මුද‍්‍රා කඩා සබන් වතුර දමා පරීක්ෂාකර බැලු බවද ඔහු පැවසීය.

ඒ සියලු සිලින්ඩරවලින් ගෑස් කාන්දු ලක්‍ෂණ පෙන්නුම් කල බවත් තම ව්‍යාපාරය කරගෙන යා නොහැකි තත්වයට පත්ව ඇති බවත් ඔහු තව දුරටත් සදහන් කලේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here