Sunday, May 19, 2024

එච්චර බය වෙන්න ඔිනෙ නෑ.ගෑස් නම් ඉතිං ඔය ඉස්සරත් පිපුරුවේ – ඇමති වාසුදේව

වෙළෙඳපොළේ භාණ්ඩ මිල ඉහළ යාම සම්බන්ධයෙන් ඊයේ රැස් වූ අමාත්‍ය මණ්ඩල හමුවේ දී දැඩි සංවාදයට බදුන් වී තිබෙනවා.

භාණ්ඩ මිල ඉහළ යාම නතර කළ නොහැකි බවත්, එහෙත් භාණ්ඩ හිඟයක් හෝ භාණ්ඩ මිල දී ගැනීම සඳහා ජනතාවට පෝලිම්වල රැදී සිටීමට අවස්ථාවක් නො දීමට වග බලා ගන්නා බවයි මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ අමාත්‍ය මණ්ඩලය හමුවේ ප්‍රකාශ කර ඇත්තේ.

කෙසේ වෙතත්, ජනතාව දිගින් දිගට ම ප්‍රකාශ කර සිටියේ, භාණ්ඩවල මිල දරාගත නොහැකි ලෙසට ඉහළ ගොස් ඇති බවට යි.

මේ අතර, දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් මේ වන විට ගෑස් සිලින්ඩර් ආශ්‍රිතව සිදු වන ගිනි ගැනීම් පිළිබදව ද අමාත්‍ය මණ්ඩල හමුවේ දී කතාබහට ලක් වී තිබෙනවා.

තවත් රටවල් කිහිපයක දැනට මෙරට භාවිතා වන ගෑස් සංයුතිය යොදා ගන්නා බවත් එම රටවල මෙවැනි සිද්ධීන් වාර්තා නොවන බවත් අමාත්‍යවරයෙකු කැබිනට් මණ්ඩලය හමුවේ ප්‍රකාශ කර ඇති බවයි වාර්තා වන්නේ.

එබැවින් මෙම සිදුවීම් සංයුතියෙහි ගැටලුවක් නොවන බව ද ඔහු ප්‍රකාශ කර තිබෙනවා.

මේ අතර, ගෑස් භාවිතා කරන ප්‍රමාණය ඉහළ යාමත් සමඟ ගෑස් සම්බන්ධ අනතුරුවල ඉහළ යාමක් පවතින බව කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍ය වාසුදේව නානායක්කාර ප්‍රකාශ කළා.

ගෑස් භාවිතය වැඩිවෙනකොට ගෑස් ලීක් වී මෙවැනි සිදුවීම් වැඩිවෙන බව ජලසම්පාදන සහ ජලප්‍රවාහන ඇමති වාසුදේව නානායක්කාර මහතා එහිදී කියා සිටියා. එම නිසා එවැනි සිදුවීම් වලට බිය විය යුතු නැති බවත් ඉස්සරත් මෙවැනි දේ සිදුවූ බවත් හැම අවුරුද්දකම අරගෙන බලන ලෙසත් ඒවා ගෑස් සැපයුමේදි පවතින අඩුදියුණු තත්වයන් බවයි ජලසම්පාදන සහ ජලප්‍රවාහන ඇමති වාසුදේව නානායක්කාර කියා සිටින්නේ.

එහිදී මාධ්‍යවේදියෙක් විසින් ජලසම්පාදන සහ ජලප්‍රවාහන ඇමති වාසුදේව නානායක්කාර මහතාගෙන් විමසා සිටියේ ප්‍රමිතියෙන් තොර ගෑස් සිලින්ඩර් ලබාදීම නිසා මේ තත්වය ඇතිවී ඇත්දැයි ප්‍රශ්න කලේය. එහිදී ජලසම්පාදන සහ ජලප්‍රවාහන ඇමති වාසුදේව නානායක්කාර මහතා සඳහන් කර සීයේ මෙවැන්නක්..

“නෑ, එච්චර බය වෙන්න ඕනෙ නෑ. ඉස්සරත් පිපුරුවානෙ. දැන් ඉස්සරත් ඔය ගෑස් සිලින්ඩර් පුපුරනවා, හිටිගමන්. එක එක තැන්වල. එක එක ප්‍රමාණයෙන්. හැම අවුරුද්දකම අරගෙන බලන්න පිපිරීම් කොච්චර තියෙනවාද කියලා ? 

ඒවා ගෑස් පාවිච්චියේදී ඇතිවෙන අඩු දියුණු තත්වයන්. අපේ ගෑස් සැපයුමේ අඩු දියුණු තත්වයක් තියෙන්නෙ. නැත්නම් ගෑස්වල තියෙන්න ඕනෙ පරිපූර්ණ ආරක්ෂාවක්” 

ප්‍රශ්නය – ප්‍රමිතියෙන් තොර සිලින්ඩර ජනතාවට ලබාදීම තුළ මේ තත්වය ඇතිවෙලා කියලා තමයි කියන්නෙ ?

“නෑ, නෑ. නෑ. මං හිතන්නෙ නෑ. එහෙනම් ඉස්සර පිපිරුවෙ ඇයි ?” 

ප්‍රශ්නය – ඉස්සරට වඩා වැඩිවීමක් දක්නට ලැබෙනවා නේද ?

“ආහ්, ඔව් ඉතිං ගෑස් භාවිතය වැඩි වෙනකොට පිපිරීම් වැඩිවෙනවා”

ප්‍රශ්නය – දැන් මේකෙ වගකීම කවුද ගන්නෙ එතකොට ?

“වගකීම තියෙන්නෙ සම්පූර්ණයෙන්ම ගෑස් සපයන සමාගමට” 

අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා මේ බව පැවසුවේ ඊයේ (29) පැවති මාධ්‍ය හමුවකදී නැඟුණු ප්‍රශ්න කිහිපයකට පිළිතුරු ලබාදෙමිනි. 

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles