ලක්ෂ 21ක මුදල් වංචාවකට ගාල්ල මහින්ද හිටපු විදුහල්පති ගාමිණී රිමාන්ඩ්.

0
363

ගාල්ල මහින්ද විද්‍යාලයේ පාසල් සංවර්ධන සමිතියේ රුපියල් ලක්ෂ 21ක මුදල් වංචාවක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී පොලීසියට භාර වූ එහි හිටපු විදුහල්පති ගාමිණි ජයවර්ධන ඊයේ (01) දින රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.

සංවර්ධන සමිතියේ රුපියල් ලක්ෂ 21ක මුදල් ඔහු ලබාගෙන ඇති බවට විමර්ශනය කරන ලද වාර්තාව අධිකරණයට ඉදිරිපත් විය.
ඒ අනුව ඔහුව අද (02) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල අද නියෝග කරන ලදි.

සැකකාර විදුහල්පතිවරයාගේ සහ සැකකාරියගේ බැංකු ගිණුම් වාර්තා සහ දුරකතන වාර්තා ලබා ගැනිමට මෙයට පෙර පොලිසියට නියෝගයක් ලබාදුන් මහේස්ත්‍රාත්වරයා සැකකාර විදුහල්පතිවරයාගේ විදේශ ගමන් තහනම් කරමින් නියෝගයක් ද නිකුත් කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here