ගෙදර තියෙන ගෑස් සිලින්ඩරේ සල්ලි දීලා අරං ගිය බෝම්බයක් වෙලා – ඇමති ගමිමන්පිල

0
342

ගෑස් පිපිරීම් සම්බන්ධයෙන් ජනතාව තුළ හට ගෙන ඇති බිය තුරන් කළ හැක්කේ ඊට හේතුව ප්‍රසිද්ධ කර නිසි විසඳුමක් ලබා දීමෙන් පමණක් බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.
බලශක්ති අමාත්‍යවරායා මේ බව කියා සිටියේ, ඊයේ කොළඹ පැවති උත්සවයක් අමතමිනි.

තව ද ගෑස්වල අඩංගු විය යුතු මර්කැප්ටන් රසායනිකය ප්‍රමාණවත් ලෙස අඩංගු නොවීම හෝ කිසිසේත් ම අඩංගු නොවීම සිදුව ඇත් දැයි අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් ප්‍රශ්න කර සිටියේ ය.

”ගෑස් එක කාන්දු වෙනවා කියන එක අපේ නහයට දැනෙන්නෙ ගෑස් හින්ද නෙමෙයි, ගෑස්වලට මර්කැප්ටන් එකතු කරලා තියෙන නිසා මර්කැප්ටන් නොදා හරි ප්‍රමාණවත්ව දාලා නැත්නම්, ගෑස් කාන්දුවක් වුණත් ගෑස් කාන්දුවක් වෙනවා කියලා කවුරුවත් දන්නෙ නැ. එතකොට පුරුදු පරිදි ගිහින් ගිනිකූරක් ගැහුවොත් ළිප පත්තු කරන්න ඔන්න එතන පිපිරීමක් වෙනවා”

වැඩිදුරටත් අදහස් පළ කරමින් අමාත්‍යවරයා කියා සිටියේ, නිවසේ ඇති ගෑස් සිලින්ඩරය මේ වනවිට සියදිවි හානි කර ගැනීමට මිලදී ගත් බෝම්බයක් බවට පත්ව ඇති බවයි.

”මෙතෙක් කල් අපි බයෙන් හිටියෙ අපිට හොරෙන් අනුන් ඇවිත් තියන බෝම්බයකට දැන් ගෙදර තියෙන ගෑස් සිලින්ඩරේ සියදිවි හානි කර ගන්න සල්ලි දීලා අරන් ගිය බෝම්බයක් වෙලා”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here