Sunday, May 19, 2024

ගෑස් නිසා අපිත් බයෙන්

ගෑස් ආශ්‍රිත සිදුවීම් පිටුපස කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන්නේ ද නැතිනම්, සත්‍ය ලෙස ම සිදුවන්නක් ද යන්න පිළිබඳ සොයා බැලිය යුතුව ඇතැයි, මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.

අද (02) ජා-ඇලදී අමාත්‍යවරයා කියා සිටියේ, ජනතාව පමණක් නොව තමන් ඇතුළු දේශපාලනඥයින් ද මෙනිසා බියෙන් පසුවන බවයි.

”ජනතාව විතරක් නෙමෙයි. අපි ඔක්කොම බය වෙලා ඉන්නෙ, ඒක අලුත් දෙයක් නෙමෙයි නේ අපේ ගෙවල්වලත් ගෑස් තියෙන්නෙ, ඉතින් මුළු මහත් රට ම ලොකු ප්‍රශ්නයක.. ග්‍රීස් යකෙකුත් හිටියා ඉතිහාසෙ, ඒ නිසා මේ වගේ දේවල් වෙන වෙන පක්ෂවලටත් කරන්න පුළුවන්”

තව ද මේ සම්බන්ධයෙන් සියලු පාර්ශව කැඳවා ඊයේ විශේෂ සාකච්ඡාවක් පැවැත්වූ බව සඳහන් කළ අමාත්‍යරවයා කියා සිටියේ, ජනාධිපතිවරයා පත් කරනු ලැබූ කමිටුවේ ද වාර්තාව ලැබෙන තුරු බලා සිටින බවයි.
ගෑස් ආශ්‍රිත ගිනිගැනීම හා පිපිරීම්වලට අදාළ සත්‍ය ඉදිරියේදී හෙළිවනු ඇති බව ත් ඒ අනුව ඉදිරියේදී වැරදිකරුවන්ට නීතිය මගින් දඬුවම් විඳීමට සිදුවනු ඇති බවත් අමාත්‍යවරයා අවධාරණය කළේ ය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles