ඔමික්‍රෝන් දකුණු අප්‍රිකාවෙන් වාර්තා වෙන්න කලින් බ්‍රිතාන්‍යය තුළ ව්‍යාප්ත වෙලා !

0
317

දැඩි විකෘති භාවයකින් යුත් ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය දකුණු අප්‍රිකාවෙන් වාර්තා වීමට පෙර බ්‍රිතාන්‍යය තුළ ව්‍යාප්ත වෙමින් තිබී ඇති බවට වාර්තා වනවා.

ඒ, ස්කොට්ලන්තයෙන් වාර්තා වූ ඔමික්‍රෝන් ප්‍රභේදය ආසාදනය වූ සිද්ධීන් 09ක් නොවැම්බර් මස 20 වෙනිදා පැවති පුද්ගලික සාදයකට සහභාගී වූ පිරිස් අතරින් බවයි එරට සෞඛ්‍ය අංශ සඳහන් කිරීමත් සමගයි.

මෙලෙස ඔමික්‍රෝන් ප්‍රභේදය ආසාදනය වූ ආසාදිතයින් කිසිවෙකුත් විදෙස් සංචාරවල නිරත වූ අයවලුන් නොවීමද විශේෂත්වයක්.

මේ අතර වෛරස් ප්‍රභේදය ස්කොට්ලන්තයට පැමිණියේ ඉකුත් නොවැම්බර් මස ග්‍ලෑස්ගෝව් හිදී පැවති COP26 කාලගුණ විපර්යාස සමුළුව හරහා හෝ නොවැම්බර් 13 වෙනිදා පැවති ස්කොට්ලන්ත සහ දකුණු අප්‍රිකානු රග්බි තරගයෙන් ද යන්න සැක මතුව තිබෙන බවයි සෞඛ්‍ය අංශ සඳහන් කළේ.

මේ වන විට බ්‍රිතාන්‍යය තුළ ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය ආසාදනය පුද්ගලයින් 30 කට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here