මනූෂට එරෙහිව උපරිම ක්‍රියාමාර්ග ගන්න – ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් අත්සන් කළ ලිපියක් කථානායකට භාර දෙයි

0
330

ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු 38 දෙනෙකුගේ අත්සනින් යුක්තව කථානායකවරයාට ලිපියක් යොමුකර තිබේ.

ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර මහතාට එරෙහිව අපක්ෂපාතී පරීක්ෂණයක් සිදුකොට ගත හැකි උපරිම විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඉල්ලමින් ය.

අදාළ ලිපියේ වැඩිදුරටත් දැක්වෙන්නේ මනූෂ නානායක්කාර සිය ආසනයෙන් නැගිට ප්‍රවේගකාරී අයුරින් මූලාසනය වෙත පැමිණ තර්ජනාත්මක ආකාරයෙන් හැසිරීම සම්බන්ධයෙන් එලෙස කටයුතු කරන ලෙසය.

ආරක්ෂක අමාත්‍යාංශ වැය ශීර්ෂ පිළිබඳ ඊයේ පැවැති පාර්ලිමේන්තු කාරක සභා අවස්ථාවේ විවාදය අතරතුර පක්ෂ විපක්ෂ මන්ත්‍රිවරුන් අතර මෙම නොසන්සුන් තත්ත්වය ඇති වී තිබුණි.

ඒ කාලය පිළිබඳ ප්‍රශ්නයක් හේතුවෙනි.

මේ අතර සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරු චෝදනා කළේ අදත් මනූෂ නානායක්කාර මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ සිදුකළ ප්‍රකාශයෙන් අනතුරුව පාර්ලිමේන්තු සභාගර්භයෙන් පිටතදී ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු පිරිසක් මනූෂ නානායක්කාර මන්ත්‍රීවරයාට පහරදීමට උත්සහ කළ බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here