කොරෝනා මරණ අඩුවීමට හේතුව PHI සංගමය පැහැදිලි කරයි

0
529

කොරෝනා මරණ ශ්‍රී ලංකාව තුළ අඩුවීමට බලපෑ ප්‍රධාන කරුණ වන්නේ කොවිඩ් එන්නත්කරණය බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.

එම සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කළේ එන්නත්කරණය මෙන්ම නිසි සෞඛ්‍ය පුරුදු පවත්වාගෙන යාමත් ඉතා වැදගත් බවයි.

කොවිඩ් හේතුවෙන් ඇතිවෙන නව ප්‍රභේද වලක්වා ගැනීමටත් මෙය එන්නත්කරණය වැදගත් බව ඔහු සඳහන් කළා.

තමන්ගේ ජීවිතය ආරක්ෂා කර ගැනීම මෙන්ම නිවසේ රැදී සිටින එන්නත් ලබා නොගත් කුඩා දරුවන් සහ ප්‍රතිශක්තිකරණ ඌනතා සහිත වැඩිහිටියන්ගේද ආරක්ෂාවට එන්නත්කරණය හොඳ පිටුවහලක් බව ඔහු පැවසුවා.

මේ හේතුවෙන් බොහෝ රටවලට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ මරණ ප්‍රමාණය අඩුවී ඇති බවද ඔහු පැවසුවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here