වසර අවසාන නිවාඩුව ගත කරන්න මැති ඇමතිවරු ගම් බිම් බලා පිටත් වෙයි

0
361

වර්ෂ අවසාන නිවාඩුව ගත කිරීම සඳහා මැති ඇමැතිවරුන් 60 කට ආසන්න සංඛ්‍යාවක් විදේශ ගතවීමට සූදානම් වෙමින් සිටින බව ආරංච් මාර්ග වලින් පැවසේ. ආණ්ඩු පක්ෂයේ මෙන්ම විපක්ෂයේ අයද මෙයට ඇතුළත් වෙති.

ඇමරිකාව එංගලන්තය ඕස්ට්‍රේලියාව ඇතුළු විවිධ රටවල ජීවත්වන සහ අධ්‍යාපනය ලබන දූ දරුවන් දැක බලා ගැනීමට මෙන්ම තම නිවාඩු කාලය ගත කිරීමට විදේශ රටවලට යෑමට බලාපොරොත්තුවන් සිටින බව පැවසේ.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට විවේක ගැනීම සඳහා නුවරඑළිය පිහිටුවනු ලැබ ඇති ලැගුම්හල වන සෙන්පති නිවෙස (General house’s) ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ තවත් මන්ත්‍රීවරුන් පිරිසක් වෙන් කරාවා ගෙන ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි. මේ මස 31 වෙනිදා දක්වා වෙන්කරවාගැනීම අවසන්වී ඇතැයි පාර්ලිමේන්තු නිලධාරීහු පවසති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here