Wednesday, May 15, 2024

ටොයෝටා සමාගම හදිසියේ ගත් තීරණය

ලොව වාර්ෂිකව වැඩිම මෝටර් රථ ප්‍රමාණයක් නිෂ්පාදනය කරනු ලබන සමාගම වන්නේ ටොයෝටා සමාගමයි.

නමුත් ලොවටම බලපා ඇති කොවිඩ් වසංගතය හේතුවෙන් ඇතිවී ඇති සැපයුම් ජාලවල ගැටලු හේතුවෙන් එම සමාගමේ නිෂ්පාදන ක්‍රියාවලියට දැඩි බලපෑම් ඇතිවී තිබේ.

එම හේතුවෙන් ජපානයේ පිහිටි කර්මාන්ත ශාලා කිහිපයක් තවදුරටත් වසා තැබීමට ටොයෝටා සමාගම තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
 
එම සමාගමේ ගිනිකොණ ආසියානු කලාපයේ පිහිටි අමතර කොටස් නිෂ්පාදනය කෙරෙන කර්මාන්ත ශාලා කිහිපයක් ද මේ වනවිට තාවකාලිකව වසාදමා තිබේ.
 
ඒ හේතුවෙන් ලෑන්ඩ් කෘසර් සහ ලේක්සස් නිෂ්පාදනයට බාධා එල්ලවී ඇති බව වාර්තා වෙයි.

කර්මාන්ත ශාලා කිහිපයක නිෂ්පාදන කටයුතු නැවැත්වීමෙන් වාහන 14,000ක පමණ නිෂ්පාදනය නවතින බව ටොයෝටා සමාගම පැවසීය.

එම සමාගම වාර්ෂිකව මෝටර් රථ මිලියන 9ක් පමණ නිපදවන අතර එම සමාගමේ ප්‍රකාශකයෙක් පැවසුවේ වාර්ෂික නිෂ්පාදන ඉලක්කය මාර්තු වනවිට ළඟා කර ගැනීම බලාපොරොත්තුව බවය.

ටොයෝටා සමාගමේ තරගකරුවන් වන ජෙනරල් මෝටර්ස්, ෆෝර්ඩ්, නිසාන්, ඩයිම්ලර්, බීඑම්ඩබ්ලිව් සහ රෙනෝල්ට් මෝටර් රථ නිෂ්පාදන සමාගම්ද සෙමි කන්ඩක්ටර් වැනි අමතර කොටස් හිඟ වීම හේතුවෙන් නිෂ්පාදනය අඩුකර තිබේ.

අද දෙරණ

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles