මහ බැංකුවේ අවසර නැතිව විදේශ මුදල් හුවමාරු කළ ගාල්ලේ මධ්‍යස්ථාන දෙකක් වටලයි

0
383

ශ්‍රීලංකා මහ බැංකුවේ අවසරයකින් තොරව ගාල්ල ප්‍රදේශයේ විදේශීය මුදල් හුවමාරු කළ මධ්‍යස්ථාන 2ක් වටලා සැකකරුවන් 7 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ, එම සැකකරුවන් ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 14 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බව ය.

ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරයකින් තොරව ගාල්ල ප්‍රදේශයේ විදේශීය මුදල් මිලදී ගැනීම හා විකිණීම සිදු කරන බවට ලද පැමිණිල්ලක් අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ ආරම්භ කර තිබිණි.

පොලීසිය පැවසුවේ, ඒ අනුව සිදු කළ විමර්ශනවලදී ආයතන 2ක් වටලා විවිධ රටවල මුදල් සහ විදේශීය මුදල් මාරු කර දුන් මෙන් ම ඊට අනුබල දුන් සැකකරුවන් 07 දෙනෙකු අත්අඩංගුවට ගත් බව ය.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, ගාල්ල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් පිරිසකි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here