Sunday, May 19, 2024

සතුන් දඩයම්කරුවන්ට තෝතැන්නක් වූ මත්තල ගුවන් තොටුපොළ..

දඩයම්කරුවන් විසින් මත්තල ගුවන් තොටුපල පරිශ්‍රයේ ආරක්‍ෂිත වැට කපා ඇතුළු වී, උගුල් අටවා එහි සිරවී සිටින මුවන් ඇතුළු වන සතුන් ඇල්ලීමේ ජාවාරමක් පවතින බව වන ජීවී නිලධාරීහු පවසති.

වන ජීවී නිලධාරීන් ඒ බව පැවසුවේ ගුවන් තොටුපල පරිශ්‍රයේ අටවා තිබූ උගුලකට හසුවීමෙන් වැඩුණු මුවකු මියගොස් තිබී හමුවීමෙන් අනතුරුව අදහස් දක්වමින්.

මත්තල ගුවන් තොටුපල ආරක්ෂකයින්, ගුවන් තොටුපලේ ආරක්‍ෂිත වැටේ යම් අඩුවක් තිබූ ස්ථානයක් සකසමින් සිටියදී සතෙකුගේ දඟලන හඬක් ඇසී සොයා බැලූ විටයි, මළ පුඩුවකට හසු වී සිටි මුවෙකු දක්නට ලැබී තිබෙන්නේ.

ඔවුන්ගේ දැනුම්දීමෙන් හම්බන්තොට වන ජීවී කාර්යාලයේ නිලධාරීන් එම ස්ථානයට පැමිණෙන විට මළ පුඩුවට හසුව සිටි මුවා මියගොස් සිටියේය.

උගුලකට හසුව මැරී සිටි මුවා

ගුවන් තොටුපල පරිශ්‍රය පරික්ෂා කිරීමේදී සතුන් ඇල්ලීම සඳහා යොදා තිබූ තවත් මළ පුඩු 05ක් සොයා ගැනීමට හැකි වූ බවත් නිලධාරීහු රාහුල් සමන්ත හෙට්ටිආරච්චි කළ විමසීමකදී සඳහන් කළහ.

ගුවන්තොටුපල ආරක්‍ෂිත වැට ඉදිකරන විට ගුවන්තොටුපලට අයත් භූමිය වනාන්තර ප්‍රදේශයක්ව පැවතුන අතර එය තවමත් නොවෙනස්ව පවතී.

මේ නිසා ගුවන් තොටුපල ප්‍රරිශ්‍රයේ සිටින මුවන් ඇතුළු වනසතුන් එලවීම පිණිස පසුගිය මාර්තු 16 වැනි දින දියත් කෙරුණු විශේෂ මෙහෙයුමට වන ජීවී නිලධාරින් සහ හමුදා භටයන් 350 ක් පමණ සහභාගි වූහ.

කෙසේ නමුත් ගුවන් තොටුපල පරිශ්‍රයේ මුවන් ඇතුළු වන සතුන් තවමත් සිටින බවයි වන ජීවී නිලධාරින් පවසන්නේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles