ඔිස්ට්‍රේලියාවේ පාසල් උද්‍යානයක සිදුවූ අනතුරකින් දරුවන් 5 දෙනෙකු ජීවිතක්ෂයට

0
488

ඔස්ට්‍රේලියාවේ, ටස්මේනියා ප්‍රාන්තයේ පාසලක විනෝද උද්‍යානයක් ආශ්‍රිතව සිදුවූ අනතුරකින් දරුවන් 5 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ටස්මේනියා ප්‍රාන්තයේ වර්ෂ අවසානයේ පාසලක පැවති උත්සව අවස්ථාවක දී මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ. අධික සුළං තත්ත්වය හේතුවෙන් එහි ප්‍රාථමික පාසලක විනෝද උද්‍යානයක් තුළ තනා තිබූ සුළං පිරවූ සෙල්ලම් මාළිගයක් (Bouncy Castle) මීටර් 10 ක් (අඩි 33) ඉහළට ගසා ගෙන ගොස් කඩා වැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.

මෙහිදී තවත් ළමුන් පිරිසක් තුවාල ලබා ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් ඔිස්ට්‍රේලියාවේ අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් කණගාටුව පළකර තිබෙනවා.

මෙම සිදුවීම සිදු වූයේ බ්‍රහස්පතින්දා එරට ප්‍රාදේශීය වේලාවෙන් උදේ 10 ට පමණ Hillcrest ප්‍රාථමික පාසලේදීය.

සිද්ධිය වූ දිනයේ තස්මේනියාවේ උතුරු වෙරළ තීරයේ, ශීතල බාස් සමුද්‍ර සන්ධිය හරහා අදාළ ප්‍රදේශය සඳහා ප්‍රාදේශීය කාලගුණ සේවා “සැහැල්ලු සුළං” පුරෝකථනය කර තිබුණි. නමුත් අධික සුළං තත්වයක් අනතුර සිදුවන අවස්ථාවේ ඇතිව තිබේ.

තවත් දරුවන් කිහිපදෙනෙකු කඩා වැටුණු සෙල්ලම් මාළිගයට යට වීමෙන් දරුණු තුවාල ලබා රෝහල් ගත කර ඇති බවයි වාර්තා වන්නේ. ඔස්ට්‍රේලියාවේ විනෝද උද්‍යාන ආශ්‍රිතව මෙතෙක් වාර්තා වූ දරුණුතම අනතුර මෙය ලෙස සැලකේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here