Saturday, May 4, 2024

සතියක් යනතුරු හිනාවෙන්න තහනම් ! හිනාවුණොත් දඬුවම මරණය,සාප්පු සවාරි යන්නත් බැරි ලු ගියොත් අතුරුදහන් කරනවාලූ !

මේ මොහොතේ මේ ලෝකේ තියෙන බිහිසුණුම රටක මිනිස්සු, හිනාවෙන්න විධියක් නැතිව ඉන්නවා කිව්වොත් ඔබ විශ්වාස කරනවද ?

සාමාන්‍යයෙන් ලෝකයේ දරුණුම “නීතිකාරයා“ගේ අණසකට යටත්ව ක්‍රියාත්මක උතුරු කොරියානු රාජ්‍යයට හිටපු ගමන් “සිනහව“ තහනම් වුණේ ඇයි ?

වෙන හේතුවක් නෙවෙයි, හිටපු උතුරු කොරියානු නායක කිම් ජොන් ඉල්ගේ 10 වැනි ගුණ සමරුව වෙනුවෙන් තමයි මේ විදිහට “සිනහව“ තහනම් කරන්න තීරණය කරලා තියෙන්නේ.

“සිනහව“ විතරක්ම නෙවෙයි, “සතියක“ කාලයක් යනකන් සාප්පු සවාරි යෑම පවා ඔවුන්ට තහනම් වනවා.

උතුරු කොරියාවේ හිටපු නායක කිම් ජොන් ඉල් 1994 වර්ෂයේ සිට 2011 දක්වා කාලය තුළ එරට නායකත්වය හොබවනු ලැබුවා.

සිය අනන්‍යතාවය හෙළි නොකළ එරට වැසියෙකු සඳහන් කර තිබුණේ මෙම ශෝක කාලය තුළ මත්පැනින් මත් වුණු පිරිසක් අත්අඩංගුවට ගෙන රැගෙන ගිය බවයි. එසේ රැගෙන ගිය පිරිස පිළිබඳව මේ වන තුරු තොරතුරු වාර්තා වී නොමැති බවත් මෙම “අනන්‍යතාවය“ හෙළි නොකළ පුරවැසියා සඳහන් කර තිබෙනවා.

මෙම ශෝක කාලය තුළ පවුලේ සාමාජීකයෙකු මිය ගියද මහ හයියෙන් හැඬීමටවත් පුරවැසියන්ට ඉඩක් ලැබෙන්නෙ නැහැ.

2011 දෙසැම්බර් 17 වැනි දින හිටපු නායකයා මරණයට පත් වූ අතර, ඒ වන විට ඔහු 69 වැනි වියේ පසුවුණා.

(Hiru gossip)

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles