Monday, November 18, 2024

මරදානේ නිවාස දෙකක් හදිසියේම ගිනි ගනී

මරදාන දේවානම්පියතිස්ස මාවතේ නිවාස දෙකක් අද (18) හදිසියේම ගිනිගෙන ඇතැයි පොලිසිය පවසයි.

එක් නිවසක උඩුමහළේ ගින්න හටගෙන ඇති අතර ඒ වනවිට නිවැසියන් පිටතට ගොස් තිබිණි. ගින්න අනෙක් නිවස දක්වාම පැතිර ගොස් ඇති අතර පොලිසිය පවසන්නේ නිවසින් පිටව යන පුද්ගලයන් විසින් නිවසේ පහනක් දල්වා ගොස් ඇති බැවින් ගින්නට හේතුව එම පහන විය හැකි බවයි.

ගිනි නිවන දෙපාර්තමේන්තුවේ රථ දෙකක් පැමිණ ගින්න පාලනය කිරීමට පියවර ගෙන තිබුණ ද නිවාස දෙකේම ගෘහ භාණ්ඩ විනාශ වී තිබිණි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles