තමන් කිසි විටක කෝප් කමිටු සභාපති ධූරයෙන් ඉවත් වෙන් නෑ – හඳුන්නෙත්ති

0
323

තමන් කිසිදු අවස්ථාවක පොදු ව්‍යාපාර කාරක සභාව හෙවත් කෝප් කමිටුවේ සභාපති ධුරයෙන් ඉවත්වීමේ සූදානමක් නොමැති බව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති මහතා පවසයි.

කඹුරුපිටිය ප්‍රදේශයේ පැවැති ජන හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති මහතා මේ බව කියා සිටියේය.

මේ අතර පසුගියදා මාධ්‍ය හමුවකදී ජාතික හෙළ උරුමයේ බස්නාහිර පළාත් සභා මන්ත්‍රී නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා ප්‍රකාශ කර තිබුණේ මහබැංකු අධිපතිවරයා සම්බන්ධ කෝප් පරීක්ෂණයේදී බලපෑම් එල්ල වෙන්නේ නම් හඳුන්නෙත්ති මන්ත්‍රීවරයා ඒ බව අනාවරණය කළ යුතු බවයි.

එසේම ඔහුට එම තනතුර දැරීමට පක්ෂය තුළ පවතින නීති රාමුව යටතේ නොහැකි නම් එයද පැවසිය යුතු බව ඒ මහතා පවසා තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here