ගෑස් හිඟයෙන් ආපනශාලා රැසක් අනතුරේ

0
303

රට තුළ පවතින ගෑස් හිගය හේතුවෙන් ආපනශාලා සහ බේකරි රැසක් වසා දමා ඇතැයි සමස්ථ ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා.

ගෑස් සමාගම්වලට මෙම ගැටළුව පිළිබඳ කරුණු ඉදිරිපත් කළ ද ඊට මෙතෙක් විසඳුම් නොලැබුණු බව එම සංගමය වැඩිදුරටත් සඳහන් කරනවා.

රජයේ බලධාරීන් ද මෙම ගැටළුව පිළිබඳ අවදානය යොමු කළ යුතු බව සමස්ථ ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා.

මේ අතර ගෑස් සංයුතිය සම්බන්ධයෙන් තොරතුරු ඇතුළත් ස්ටිකරය සහිත නව ගෑස් සිලින්ඩර් අද (20) සිට වෙළදපොලට නිකුත් කරන බව අදාළ කටයුතු සම්බන්ධීකරණය සඳහා පත් කළ තාක්ෂණ අමාත්‍යාංශය සඳහන් කරනවා.

ඒ අනුව ප්‍රමිති ආයතනයේ ප්‍රමිතීන්වලට අනුව අදාළ ගෑස් සිලින්ඩර්වල ප්‍රොපේන් අගය සියයට 30ක් සහ බියුටේන් අගය සියයට 70ක් ලෙස පැවතිය යුතු වනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here