Sunday, May 5, 2024

තවත් නැව් දෙකක ගෑස් සාම්පල ගනී

කෙරවලපිටිය මුහුදේ නැංගුරම් ලා ඇති ලිට්රෝ සමාගමට අයත් නෞකා දෙකක ගෑස්වල ප්‍රමිතිය තහවුරු කරගැනීම සඳහා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය සහ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ගෑස් සාම්පල ලබාගෙන තිබෙනවා.

මෙරට ගෑස් වෙළඳපොලේ සියයට 75 ක පමණ අධිකාරියක් හිමි ලිට්රෝ සමාගම ආනයනය කළ ගෑස් රැගත් නෞකා දෙකෙහි තොග ප්‍රමිතියෙන් තොර බවට අනාවරණ වීමත් සමඟ ඒවා ගොඩබෑමේ කටයුතු අත්හිටුවීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පසුගියදා පියවර ගත්තා.

ඒ එම ගෑස්වල ගන්ධය වහනය කරන එතිල් මර්කැප්ටන් රසායනිකය දේශීය ප්‍රමිතියට අනුකූල ආකාරයෙන් නොතිබීම හේතුවෙන්.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය ඇතුලු තාක්ෂණික කමිටුව මෙම එක් නෞකාවක සිදුකළ ස්ථානීය පරීක්ෂාවකින් අනතුරුව ලබාදුන් උපදෙස් අනුව එම රසායනිකය වැඩි කිරීමට පියවර ගැනීමත් සමඟ එහි අඩංගු ගෑස් ගොඩබෑමට අවසර ලබා දී තිබුණා.

මේ අතර ලිට්රෝ සමාගම ආනයනය කළ ගෑස් අඩංගු තවත් නෞකා දෙකක් මේ වනවිට කෙරවලපිටිය මුහුදු සීමාවේ නැංගුරම් ලා ඇති අතර, එම ගෑස් ගොඩබිම වෙත පොම්ප කිරීමට අවසර හිමිවන්නේ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය ඇතුලු තාක්ෂණික කමිටුවේ අනුමැතිය හිමිවුවහොත් පමණයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles