රුපියල අගය පාලනයකින් තොරව පා කරන්න. අමාත්‍ය මණ්ඩලයේදී ඇමතිවරැ යෝජනා නරති

0
282

මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් සහ මුදල් අමාත්‍යාංශ ලේකම් එස්.ආර්. අටිගල එළඹෙන අමාත්‍ය මණ්ඩල හමුවට කැදවන ලෙසට ජනාධිපතිවරයා උපදෙස් ලබා දී තිබෙනවා.

ඒ, ඊයේ පැවති අමාත්‍ය මණ්ඩල හමුවේදියි.

රට තුළ පවතින විදේශ සංචිත අර්බුදය පිළිබදව අමාත්‍ය මණ්ඩල හමුවේදී දීර්ඝ ලෙස සංවාදයට බඳුන් වී ඇති අතර, එහිදී ඇතැම් අමාත්‍යවරුන්ගේ අදහස වී ඇත්තේ ඩොලර් අර්බුදයට විසදුම් ලෙස රුපියලේ අගය පාලනයකින් තොරව පා වීමට අවස්ථාව ලබාදිය යුතු බවයි.

එසේ වුව හොත් මීට වඩා ගැටලුකාරී තත්ත්වයක් මතුවිය හැකි බවට මහබැංකු අධිපතිවරයා සහ මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා තමන් වෙත කරුණු පැහැදිලි කරමින් ප්‍රකාශ කළ බවයි ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ.

මේ සම්බන්ධයෙන් කරුණු දැන ගැනීම සඳහා එළඹෙන අමාත්‍ය මණ්ඩල හමුවට මහබැංකු අධිපතිවරයා සහ මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා කැදවන ලෙසට ජනාධිපතිවරයා එහිදී උපදෙස් ලබා දී තිබෙනවා.

මේ අතර, වෙළෙදපොළේ ඉහළ ගොස් ඇති භාණ්ඩ මිල සම්බන්ධයෙන් ද අමාත්‍ය මණ්ඩල හමුවේ දී සාකච්ඡාවට බඳුන් වී ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත්, මේ මොහොතේ වගා සංග්‍රාමයට යා යුතු බවට අමාත්‍යවරයෙකු යෝජනා කර තිබෙනවා.

ඒ සඳහා අදාළ ක්‍රමවේදයන් ඇතුළත් යෝජනාවක් ද ජනාධිපතිවරයා වෙත භාරදීමට නියමිතව ඇති බව සඳහන්.

එමෙන්ම, පසුගිය දා බණ්ඩාරවෙල – බිදුණුවැව – පටක රෝපණ මධ්‍යස්ථානය සහ බිම්මල් බීජ නිෂ්පාදන ඒකකය නිරීක්ෂණය කිරීමේ දී එහි කිසිදු වගාවක් සිදුව නොමැති බව අනාවරණ වී යැයි ඊයේ පැවති අමාත්‍ය මණ්ඩල හමුවේදී ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here