Saturday, September 21, 2024

චීන පොහොර නැවට ගෙවන්නෙ වන්දි නෙවෙයි

චීන පොහොර නෞකාවට ඇමරිකානු ඩොලර් මිලියන 6.7 ක මුදලක් ගෙවීමට තීරණය කළේ වන්දියක් ලෙසින් නොවන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසනවා.

ප්‍රමිතියෙන් තොර පොහොර ආනයනයට අදාලව වාණිජ මහාධිකරණයේ විභාග වන නඩුවට අදාලව නීතිපතිවරයාගේ උපදෙස් මත එළැඹි සමථයක් මත අදාල මුදල් ගෙවිම සිදුකරන බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

මෙමගින් කිසිදු මූල්‍ය වංචාවක් හෝ වරදක් සිදුව නැතැයිද මහනුවරදී මාධ්‍යයට අදහස් දක්වමින් මහින්දානන්ද අලුත්ගමගේ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles