Saturday, September 21, 2024

බොදු බල සේනාවට Facebook සමාගම වැට බදී

ෆේස්බුක් ජාලයේ වාර්ෂිකව යාවත්කාලීන කරන තහනම් ලැයිස්තුවට “බොදුබල සේනා සංවිධානය” ඇතුළු මෙරට සංවිධාන තුනක් ඇතුළත් කර ඇතැයි වාර්තා වේ.

එල්.ටී.ටී.ඊ. සංවිධානය හා සිංහලේ ජාතික බලමුළුව එසේ තහනම් කර තිබෙන සෙසු සංවිධාන දෙක වෙති.

මුස්ලිම් අන්තවාදී සංවිධාන එකතුවී තම සංවිධානය ත්‍රස්තවාදී සංවිධානයක් බවට පත්කර ඇති බවත්, මේ සම්බන්ධයෙන් තමන් වහන්සේ ඉදිරියේදී නීතිමය රැකවරණය ලබා ගැනීමට අපේක්ෂා කරන බවත් බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ පැවැසූහ.

එෆ්.බී. සමාජ මාධ්‍යජාලය මඟින් වාර්ෂිකව යාවත්කාලීන කරන තහනම් ලැයිස්තුවට බොදු බලසේනා සංවිධානය ඇතුළත් කර තිබීම සම්බන්ධයෙන් තමන්වහන්සේගේ අදහස කුමක්ද යන්න පිළිබඳව මාධ්‍ය කළ විමසුමකට පිළිතුරු දෙමින් උන්වහන්සේ එසේ පවසා ඇත.

එම සංවිධානය මීට පෙරද මෙසේ තහනමට ලක්ව තිබිණි.

මවිබිම

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles