දකුණු දිග චීනයෙන් වසර මිලියන 66ක් පැරණි ඩයිනොසර් කළලයක් සොයාගැනේ

0
320

පරිපූර්ණ ලෙස සංරක්ෂණය වූ ඩයිනොසර් කළලයක් දකුණු දිග චීනයේ ගන්ෂු ප්‍රදේශයෙන් සොයා ගෙන තිබෙනවා.

පර්යේෂකයන් පවසන්නේ මෙම කළලය වසර මිලියන 66ක් පමණ ඉපැරණි බවයි.

මෙය ඩයිනොසර් පැටවා බිත්තරයෙන් පිටතට පැමිණීමට සුළු මොහොතකට පෙර කළල අවස්ථාවක් බව පර්යේෂකයන් පවසනවා.

මෙම බිත්තරය දත් රහිත, තෙරොපොඩ් හෝ ඕව්රැප්ටොරෝසරයෙකුගේ බවට පර්යේෂකයින් විශ්වාසය පළ කරනවා.

ගවේෂණය සිදු කළ විද්‍යාඥයින් සඳහන් කර ඇත්තේ ඉතිහාසයේ මෙතෙක් හමු වූ හොඳම ඩයිනොසර් කළලය මෙය බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here