දක්ෂිණ අධිවේගයේ රිය අනතුරක් – 09 ක් රෝහලේ

0
325

දක්ෂිණ අධිවේගී මාර්ගයේ සිදුවු රිය අනතුරකින් පුද්ගලයින් නව දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

කොට්ටාව දෙසට ධාවනය වු වෑන් රථයක් රියදුරුට නින්දයාම හේතුවෙන් පාලනය කරගත නොහැකිව දක්ෂිණ අධිවේගී මාර්ගයේ ආරක්ෂිත වැටෙහි ගැටීමෙන් අනතුර සිදුව ඇති බව පොලීසිය පැවසුවේය.

අනතුරෙන් වෑන් රථයේ  ගමන්ගත් රියදුරු ඇතුළු පුද්ගලයින් නව දෙනෙකු තුවාල ලබා කළුතර නාගොඩ රෝහලට ඇතුළත් කර තිබේ.

තුවාල ලැබූවන් අතර කාන්තාවන් දෙදෙනෙකු සහ ළමුන් තිදෙනෙකු ද වන බව වාර්තා වෙයි.

අනතුර සම්බන්ධයෙන් මිල්ලනිය පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here