Tuesday, May 7, 2024

මස් වැද්දා හඳුනා ගැනේ – මියුසික් වීඩියෝවකත් රඟපෑ අයෙක්

දුර්ලභ වන සතුන් විශාල වශයෙන් දඩයම් කරන ලද කණ්ඩායමකගේ ඡායාරුප පෙළක් පිළිබඳව පසුගිය දින කිහිපයේ අන්තර්ජාලය පුරා කතාබහකට ලක් වුණා. මේ වන විටත් ඔවුන්ගෙන් දෙදෙනෙකු පොලිස් අත්අඩංගුවට පත්ව ඇති අතර අනෙක් පිරිස සොයා පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.

මෙම ක‍්‍රියාවේ යෙදී සිටි කණ්ඩායමට නායකත්වය දුන් බව කියන පුද්ගලයාගේ ඡායාරූප රැසක් සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ මේ වන විටත් හුවමාරු වෙමින් පවතිනවා. සාද් ශරාෆ් නමැති මෙම පුද්ගලයා මෙම පහත් ක්‍රියාවන් සඳහා නායකත්වය දුන් බවටයි හඳුනාගෙන ඇත්තේ.

ඔහු මිට වසර කිහිපයකට පෙර ජනප්‍රිය කලාකරුවන් සමග නිෂ්පාදනය කරන ලද මියසික් වීඩියෝවක් සඳහාද සහභාගී වී තිබෙන බවත් දැන් අනාවරණය වී තිබෙනවා. ඉරාජ් වීරරත්නගේ මෙම මියුසික් වීඩියෝවක් සඳහා ඔහු මෙලෙස එක් වී ඇති අතර එම ගීතයේ ප‍්‍රවෘත්ති ඉදිරිපත් කිරීමේ කොටසකට ඔහු දායකත්වය ලබා දී තිබෙනවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles