සිංගප්පූරු නැව පළා ගියේ ඇයි..?

0
345

කොළඹ වරාය ආසන්නයේ නැංගුරම් දමා තිබූ සැකකටයුතු සිංගප්පූරු නෞකාව පලායාමට හේතුව වරායකට ඇතුළුවීමට අවශ්‍ය ලියකියවිලිවල ගැටලූවක් බව ශ්‍රී ලංකා රේගුව ප්‍රකාශ කළා.

පසුගිය 29 වනදින ගාල්ලට ආසන්නයේ මුහුදු තීරයේදී පලා ගිය මෙම නෞකාව අත්අඩංගුවට ගැණුනේ නාවික හමුදාවේ මැදිහත්වීමෙන්.

හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී රේගු මාධ්‍ය ප්‍රකාශක ධර්මසේන කහඳවල වැඩිදුරටත් කියා සිටියේ අදාළ නෞකාව සඳුදා දිනයේදී පරීක්ෂාවට ලක් කර වාර්තාවක් සපයන බවයි.

ගාල්ලට ඔබ්බෙන් මුහුදු තීරයේදී අත්අඩංගුවට ගැනුණු සැක කටයුතු නෞකාව සිංගප්පූරු ධජය යටතේ ලියාපදිංචි කරන ලද්දක්.

කෙසේ නමුත් එය අවසන් වරට පැමිණ ඇත්තේ පාකිස්තාන වරායකින්.

කොළඹ වරායේ නෞකා නැංගුරම්ලන ප්‍රදේශයේදී රේගු විසින් පරීක්ෂා කරන අතරතුර පලා ගිය නෞකාව ශ්‍රී ලංකා නාවික හමුදාව, වෙරළාරක්ෂක බලකායේ සහාය ඇතිව අත්අඩංගුවට ගනු ලැබුවේ එහි කාර්ය මණ්ඩලයේ 27 දෙනෙකු ද සමගින්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here