ජනපති මාදිවෙල කුළුබඩු මන්දිරය නිරීක්ෂණය කරයි

0
314

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පසුගියදා කුළුබඩු සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන අලෙවි මණ්ඩලයේ මාදිවෙල ශාඛාවේ “කුළුබදු මන්දිරය” ඊයේ (28) නිරීක්ෂණය කළේය.

‘ගම සමඟ පිළිසඳර’ වැඩසටහන සඳහා ජනාධිපතිතුමාගේ සංචාරය අතරතුර මීමුරේ ප්‍රදේශවාසීන්ගේ ඉල්ලීමකට අනුව මෙම අලෙවි මණ්ඩලය යළි ස්ථාපිත කිරීමට ජනාධිපතිතුමා පියවර ගත්තේය.

කුළුබඩු සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන අලෙවි මණ්ඩලය බත්තරමුල්ල, මාදිවෙල, නුගේගොඩ, පඹහින්න, රත්නපුර, කලවාන, කිරි ඇල්ල, කොටමුල්ල සහ පල්ලෙබැද්ද යන ප්‍රදේශවල මාස හතරක් ඇතුළත ශාඛා 10ක් පිහිටුවා ඇත.

11 වැනි ශාඛාව දෙසැම්බර් 31 වැනිදා සෙවණගලදී විවෘත කිරීමට නියමිතය. දේශීය කුළුබඩු සඳහා ජාත්‍යන්තර වෙළෙඳපොළ අවස්ථා අත්පත් කර ගැනීම සඳහා නයිජීරියාව, ප්‍රංශය, රුසියාව, බංගලාදේශය, ජපානය වැනි රටවල් සහ ඇමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තය සමඟ දැනටමත් සාකච්ඡා පවත්වා ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here