මුළු දිවයිනටම චන්ද්‍රිකා තාක්ෂණයෙන් අන්තර්ජාල පහසුකම්

0
314

චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ මුළු දිවයිනටම අන්තර්ජාල පහසුකම් ලබාදීමේ ස්ටාර් – ලින්ක් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා අදාළ ඇමරිකානු ආයතනය සමඟ සාකච්ඡා ආරම්භ කර තිබේ.

චන්ද්‍රිකා තාක්ෂණය භාවිතයට ගැනෙන මෙම ක්‍රමවේදය තුළින් දුෂ්කර – ග්‍රාමීය ප්‍රදේශ ඇතුළු මුළු දිවයිනටම කිසිදු ගැටලුවකින් තොරව අන්තර්ජාල පහසුකම් ලබාදීමට හැකි වන බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සඳහන් කළේය.

දැනට මෙරටට අන්තර්ජාල පහසුකම් ලබා ගන්නේ ඉන්දියාව ඇතුළු ගෝලීය රටවල සිට සාගරය යටින් මෙරටට ස්ථාපිත කර ඇති සබ්මැරීන කේබල් 7කින් සමන්විත ජාලයකිනි.

එලෙස මෙරටට ලැබෙන අන්තර්ජාල පහසුකම් ෆයිබර් තාක්ෂණය සහ 3G හෝ 4G යන ජංගම තාක්ෂණය ඔස්සේ අන්තර්ජාල පරිශීලකයන් වෙත බෙදා හැරෙයි.

කෙසේ වෙතත් එම ක්‍රමවේදයේ දී භූගෝලීය බාධක ඇතුළු විවිධ ගැටලු මත ගම්බද දුෂ්කර ප්‍රදේශවලට අන්තර්ජාල පහසුකම් විධිමත් පරිදි නො ලැබීමෙන් එම ජනතාව දැඩි අසීරුතාවට පත්ව සිටින බවට දිගින් දිගටම තොරතුරු වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here