Sunday, May 5, 2024

චීන විදේශ ඇමති ලබන ජනවාරියේ ශ්‍රී ලංකාවට


චීනයේ විදේශ කටයුතු අමාත්‍ය වෑංග් යී මහතා එළැඹෙන ජනවාරියේ දී යළි මෙරටට පැමිණීමට නියමිතව ඇති බව වාර්තා වේ.

ඒ සම්බන්ධයෙන් ඉන්දීය මාධ්‍ය තොරතුරු වාර්තා කර තිබුණි.

එම වාර්තා පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාව පත්වී ඇති ආර්ථික අර්බුදය හමුවේ ඉන්දීය සහය ලබාගැනීමට ශ්‍රී ලංකාව කටයුතු කරමින් සිටියදී මෙම සංචාරය සිදුවෙන බවය.

මීට පෙර, 2021 වසරේ ජූනි මාසයේ දී චීන විදේශ කටයුතු අමාත්‍යවරයා දිවයිනට පැමිණියේ ය.

එවර ඔහු පැමිණියේ, වරාය නගර ආර්ථික කොමිසම් සභාව ස්ථාපිත කිරීමට නියමිතව තිබිය දී ය.

ඒ අනුව, චීන විදේශ කටයුතු අමාත්‍ය වැන්ග් යී මහතා ශ්‍රී ලංකාවේ දෙදින නිල සංචාරයක නිරතවීමට නියමිත බවද ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.

ශ්‍රී ලංකා සංචාරයේදී චීන විදේශ කටයුතු අමාත්‍යවරයා විසින් ආයෝජන යෝජනා රැසක් ඉදිරිපත් කරනු ඇති බවද මාධ්‍ය වාර්තාවල පළවී තිබේ.

එම වාර්තා පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාව පත්වී ඇති ආර්ථික අර්බුදය හමුවේ ඉන්දීය සහය ලබාගැනීමට ශ්‍රී ලංකාව කටයුතු කරමින් සිටියදී මෙම සංචාරය සිදුවෙන බවය.

ශ්‍රී ලංකා සංචාරයේදී චීන විදේශ කටයුතු අමාත්‍යවරයා විසින් ආයෝජන යෝජනා රැසක් ඉදිරිපත් කරනු ඇති බවද මාධ්‍ය වාර්තාවල පළවී තිබේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles