නැගෙනහිර ආසියාවේ බල තරගය උග්‍ර වෙයි.

0
605

නැ‍ගෙනහිර ආසියාවේ බල තරගය උග්‍ර කරමින් සිය සහකරැවන් සමග වන සබදතා වර්ධනය කර ගැනීමට ඇමරිකාව සූදානම් වන බව වාර්තාවනවා.

ඇමරිකානු කොංග්‍රස් මණ්ඩල වාර්තාවක් මගින් අනාවරණය කර ඇත්තේ, දකුණු චීන මුහුද, නැගෙනහිර චීන මුහුද සහ කහ මුහුදේ සිය බලය ව්‍යාප්ත කිරීම කෙරෙහි ඇමරිකාව කටයුතු කරමින් සිටින බවයි.

ඒ සදහා තායිවානය, සිංගප්පූරුව, වියට්නාමය සහ ඉන්දුනීසියාව සමග ඒකාබද්ධව නාවික බලය වැඩිකිරීමේ ක‍ටයුතුවල නිරතවීමට ඇමරිකාව සූදානම් වන බව එම වාර්තාව මගින් අනාවරණය කර තිබේ.

මෙම තත්වයට හේතුවී ඇත්තේ මෑතක සිට චීනය විසින් අදාළ මුහුදු කලාපයේ තම ආරක්ෂක කටයුතු විශාල වශයෙන් පුලුල් කරමින් විවිධකාරයේ මෙහෙයුම්, යුද අභ්‍යාස ආදිය පැවැත්වීම බව පැවසේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here