බින් ලාඩන් ඇල්ලූ සීල් හමුදාවේ හිටපු ප්‍රධානියා මරණය⁣ට පත් වෙයි

0
307

ඔසාමා බින් ලාඩන් අත්අඩංගුවට ගැනීමේ මාරාන්තික මෙහෙයුම ඇතුළු විශේෂ මෙහෙයුම් රැසක් සිදු කළ අමෙරිකාවේ සුපිරි හමුදා අනුඛණ්ඩයක් වන සීල් ටීම් සික්ස් නිර්මාතෘ සහ එහි ප්‍රථම අණදෙන නිලධාරියා වූ රිචර්ඩ් මාර්සින්කෝ මියගොස් තිබෙනවා.

මිය යන විට 81 හැවිරිදි වියෙහි පසු වූ ඔහු වියට්නාම් යුද විරුවකු වන අතර ඔහු සීල් කණ්ඩායමේ පළමු භට කණ්ඩායම සඳහා එහි පළමු වසර තුනේ දී අණ දීම සිදු කළා.

අමෙරිකානු නාවික හමුදාවේ සේවය කරන අතරතුර ගෞරව පදක්කම් සහ ගෞරව නාම 30කට වඩා ලබාගෙන තිබෙනවා.

සීල් කණ්ඩායමේ විනය විරෝධී හැසිරීම් ප්‍රචලිත කිරිම ගැනද ඔහුට චෝදනා නැඟී ඇතැයි විදෙස් වාර්තාවල සඳහන් වනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here