ඇෆ්ගනිස්තානයේ වධහිංසා ගැන වීඩියෝවකින් අන්තර්ජාලය කැළඹෙයි.

0
539
A Taliban fighter guards a street in Kabul, Afghanistan, December 16, 2021. REUTERS/Ali Khara - RC2KFR9ZOSXO

ඇෆ්ගනිස්තානයේ පැවති පාලනයේ හමුදා නිලධාරියෙකු තලේබාන් සාමාජිකයන් විසින් වධහිංසාවට ලක්කරන වීඩියෝවක් හේතුවෙන් මහත් කැළඹිල්ලක් හටගෙන තිබේ.

පසුගිය ආණ්ඩුව යටතේ හමුදාවේ සහ වෙනත් රාජ්‍ය අංශවල සේවය කළ අයට පොදු සමාවක් ප්‍රදානය කර ඇති බවත් ඔවුනට භාරවිය හැකි බවත් දක්වමින් තලේබාන් පාලනය විසින් නිවේදන ගණනාවක් නිකුත් කර තිබිණ.

ඒ අනුව භාර වූ නිලධාරින්,තලේබාන් පාලකයන් විසින් නඩු නොමැතිව මරා දමන බවටත්, වධහිංසාවට,මෙන්ම බලහත්කාරයෙන් අතුරැදන් කිරීමට,ලක්කරන බවටත් ⁣දිගින් දිගටම චෝදනා එල්ල විය.

එම චෝදනා සනාථ කරමින් තලේබාන් සාමාජිකයන් දෙදෙනෙකු විසින් එළෙස භාරවූ ඇෆ්ගන් හමුදා නිලධාරියෙකු වධහිංසාවට ලක්කරන වීඩි⁣යෝවක් අන්තර්ජාලය වෙත නිකුත් වී තිබේ.

මේ සිද්ධිය තලේබාන් සංවිධානයට එරෙහිව මේ සම්බන්ධයෙන් එල්ල වී ඇති චෝදනා සනාථ කරන්නක් බවට අන්තර්ජාතික මානව හිමිකම් සංවිධාන ප්‍රකාශ කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here