Saturday, April 27, 2024

ජපානයට එල්ල වීමට ගිය චීන ප්‍රහාරයක් නූලෙන් වළකියි.

ජපානයේ ආරක්ෂක දත්ත පද්ධතිවලට එල්ල වීමට ගිය සයිබර් ප්‍රහාරයක් වළක්වා ගැනීමට හැකිවූ බව එරට ආරක්ෂක අංශ පවසයි.

ජපාන ජාතිකයන්ට පමණක් මිලදී ගත හැකි මෟදුකාංගයක් මිලදී ගෙන අදාළ සයිබර් ප්‍රහාරය එල්ල කිරීමට සැලසුම් කර ඇත්තේ ජපානයේ ජීවත් වූ චීන සිසුවෙකු බව පැවසේ.

ඔහු චීන ආරක්ෂක අංශ සමග සබදතා ඇත්තෙකු බවත් ජපාන ආරක්ෂක අංශවල තොරතුරු සොරා ගැනීමට අවශ්‍ය කටයුතු කරමින් සිට ඇති බවත් ජපාන ආරක්ෂක අංශ වැඩිදුරටත් සදහන් කරයි.

අවසන් මොහොතේදී මෙම පුද්ගලයාගේ අනන්‍යතාව හෙළිවීමෙන් පසු ඔහු ජපානයෙන් බැහැර වී ඇති අතර , ඔහු අත්අඩංගුවට ගැනීම සදහා ජාත්‍යන්තර පොලිසියේ සහය පතන බවද ජපාන ආරක්ෂක අංශ පවසා තිබේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles