චීනය ඉන්දියාවේ ප්‍රාන්තයකට චීන භාෂාවෙන් නම් තියයි.

0
701

ඉන්දියාවේ අරැණාචල් ප්‍රාන්තය දකුණු ටිබෙටය ලෙස හැදින්වීමට චීනය පියවර ගෙන තිබේ.

එම ප්‍රාන්තයේ නගර සහ ගම් 15 ක් පමණ චීන භාෂාවෙන් හැදින්වීමට ද චීන සිවිල් කටයුතු අමාත්‍යංශය පියවර ගෙන ඇත.

මෙම ප්‍රාන්තය අයිති විය යුත්තේ චීනයට බැවින් මෙම පියවර ගත් බව චීනය සදහන් කරයි.

කෙසේවෙතත්, චීනයේ මෙම පියවර ඉන්දියාවේ දැඩි විවේචනයට ලක්වී ඇත්තේ අර්ථ සහ පදනම් විරහිත ක්‍රියාවක් ලෙසයි.

චීනය, මීට පෙර 2017 වස‍රේ දී ද මෙම පදනම් විරහිත ක්‍රියාව සිදුකළ බවත් අරැණාචල් ප්‍රාන්තය ඉන්දියාවේ කොටසක් බවත් ඉන්දීය විදේශ අමාත්‍යංශ ප්‍රකාශක අරවින්ද් බගාචි සදහන් කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here