Friday, May 3, 2024

තායිවානය කියනවාටත් වඩා ගුවන් ආක්‍රමණ සිදුකළ බව චීනය කියයි.

තායිවානය ප්‍රකාශ කරනවාට වඩා තම ගුවන් යානා සංඛ්‍යාවක් පසුගිය වසරේදී එම ගුවන් සීමාවට පිවිස ඇති බව පවසමින් චීනය විසින් තායිවානයට සරදම් සහගත ප්‍රකාශයක් සිදුකර තිබේ.

චීන ගුවන් යානා 950 ක් පමණ 2021 වසරේ දී තම ගුවන් සීමාව ආක්‍රමණය කළ බව තායිවාන බලධාරීන් පසුගිය දා ප්‍රකාශ කර තිබිණ.

එහෙත් චීනය එම ප්‍රකාශයට සරදම් ප්‍රතිචාරයක් දක්වමින් පවසා ඇත්තේ ඊට වඩා විශාල චීන ගුවන් යානා සංඛ්‍යාවක් පසුගිය වසරේදී තායිවාන ගුවන් සීමාව ආක්‍රමණය කර ඇති බවයි.

කෙසේවෙතත්, එම ගුවන් යානා සංඛ්‍යාව කොපමණක්දැයි චීනය විසින් ප්‍රකාශ කර නොමැත.

තායිවාන බලධාරීන්ට අනුව, 2021 වසරේ දී චීන ගුවන් යානා විසින් තායිවාන ගුවන් සීමාව ආක්‍රමණය කිරීම 2020 වසරට වඩා සියයට හැටකින් වැඩිවී තිබේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles