නව වසරට ස්වාධීන වෛද්‍ය වෘත්තිකයින්ගේ සංගමයෙන් (IMPA) වෙතින් රටට දිව්‍යමය තිළිණයක්…!

0
756

උදා වූ නව වසරේ ලක්වාසී සැමට නීරෝගී සම්පත උදාකරලීමේ අපේක්ෂා පෙරදැරිව, ස්වාධීන වෛද්‍ය වෘත්තිකයින්ගේ සංගමය විසින් කොරෝනා රෝගය වැළඳීමෙන් පසු විවිධ සංකූලතා දක්වන නැතිනම් රෝග ලක්ෂණ පවතින රෝගීන් වෙනුවෙන් කායික සහ මානසික සුවතාවය ලබාදීම උදෙසා නොමිලයේ ‘ඩිජිටල් වෛද්‍ය කවුරක්’ ස්ථාපිත කර ඇත.

ලෝකයේ පැරණිතම වෛද්‍ය වෘත්තිකයින්ගේ සංවිධානයක් ලෙස සැලකෙන මෙහි ආරම්භය 1929 දී සිදුව ඇතැයි සැලකේ. වසර 90කට වැඩි කාලයක් තිස්සේ ප්‍රජාවට සුව-සෙත  සලසන ව්‍යාපෘති රැසක් මේ හරහා සිදුව ඇත.  එම සංගමයේ සංකල්පයක් අනුව මෙවර අන්තර්ජාලය සහ සමාජ ජාල ඒකාබද්ධ කරගනිමින් ‘ඩිජිටල් සෞඛ්‍ය කඳවුර’ නිර්මාණය කර ඇත.

කොරෝනා රෝගය වැලඳුනු,සුවපත් වූවන් උදෙසා සම්පූර්ණයෙන්ම නොමිලයේ මෙය ක්‍රියාවට නංවයි. රෝගියා විසින් සංගමය ඒ සඳහා ක්‍රියාත්මක කර ඇති වෙබ් අඩවියේ ලියාපදිංචි වීම හරහා නොමිලයේ සේවාවන් රැසක් දුරකථන මාර්ග හරහා ලබාගත හැකිය. විශේෂඥ වෛද්‍යවරුන් 500කගේ පමණ දැවැන්ත බලකායක් මෙම ව්‍යාපෘතියේදී ජනතාවට සිය සේවය සැපයීම වෙනුවෙන් සැදී පැහැදී සිටියි.

මේ පිළිබඳ සම්පූර්ණ වශයෙන් දැනුම්වත් කිරීමේ වැඩසටහන් ශ්‍රී ලංකාවේ වේලාවෙන් අද උදෑසන 07 න් පසු Saman4You යූටියුබ් නාලිකාවෙන් නැරඹිය හැකිය.එමෙන්ම මෙහි ලියාපදිංචි වීම සඳහා එම රෝගයෙන් පීඩා විඳි අයට පහත දැක්වෙන සබැඳියෙන් එම වෙබ් පිටුවට පිවිසිය හැකි අතර අලුත්ම තොරතුරු දැනගැනීම , පණිවුඩ සහ වෛද්‍යවරුන් හා සම්බන්ධවීම එම ආයතනයේ ෆේස්බුක් පිටුව (link) හරහා දවසේ පැය 24 පුරාම සිදුකරගත
හැකිය.


Saman4You නාලිකාවේ ප්‍රචාරය වීමට නියමිත වැටසටහනේ පූර්ව ප්‍රචාරක පටයේ සැබැඳිය

https://youtu.be/VImzIH6EYeY

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here