Saturday, May 4, 2024

සංචාරක රක්ෂණ ක්‍රමයක් සමිබන්ධයෙන් උදයංග සහ සංචාරක මණ්ඩලය අතර ගැටුමක්?

ජනවාරි 01 වනදා සිට ක්‍රියාත්මක කර ඇති සංචාරක රක්ෂණ ක්‍රමයක් සම්බන්ධයෙන් සඳහන් කරමින් යුක්රේනයේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා සංචාරක මණ්ඩලය වෙත චෝදනාවක් එල්ල කරනවා. ඔහු සඳහන් කරන පරිදි මෙරටට පැමිණෙන සංචාරකයින්ට රක්ෂණයක් අනිවාර්ය කිරීම හරහා මෙරටට පැමිණෙන සංචාරකයින් අධෛර්යට පත් කිරීමක් සිදුවන අතර ඇමරිකානු ඩොලර් 12කට මාසයකට ලබාදෙන මෙම කොවිඩ් රක්ෂණාවරණය හරහා කොමිස් මුදල් ලබා ගැනීමක්ද සිදුවන බව ඔහු අනාවරණය කරනවා.

ඔහු පවසන ආකාරයට පෞද්ගලික රක්ෂණ ආයතනයකට ලබාදෙන රක්ෂණ වාරික මුදල වන ඩොලර් 12ක මුදලෙන් ඩොලර් 3.5ක මුදලක් යලි රජයට අය කර ගැනීමද සුදුසු නොවන බවයි. මෙවැනි ක්‍රියාමාර්ග හරහා යලි ආරම්භ වෙමින් පවතින සංචාරකයින්ගේ පැමිණීමට අහිතකර බලපෑම් එල්ල වනු ඇතැයි උදයංග වීරතුංග මහතා පවසනවා.

කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරන සංචාරක මණ්ඩලය පවසන්නේ ලෝක ව්‍යාප්ත වසංගත තත්වයක් තුල මෙරට සංචාරක කර්මාන්තය යලි නගා සිටුවීමට ගන්නා ක්‍රියාමාර්ග අතර මෙරටට පැමිණෙන සංචාරකයින් මෙන්ම මෙරට ජනතාවගේද ආරක්ෂාවද තහවුරු කලයුතු බැවින් මෙම ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බවයි. වෙනත් රටවල් වල ඉතා ඉහල මුදලක් අය කරමින් සිදු කරන සංචාරක රක්ෂණය මසකට ඩොලර් 12 තරම් අඩු මුදලකට සිදු කිරීම සහ එය දිනකට රු.80ක් තරම් අඩු මුදලක් වීම හරහා සංචාරකයින්ට එය එතරම් ගැටළුවක් නොවන බවයි සංචාරක මණ්ඩලය පවසන්නේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles