එක් රටක කාන්තාවන්ට පොදු ස්ථාන වලින් දිය නෑම තහනම් කරයි

0
346

කාන්තාවන්ට නාන තොටුපළ ඇතුළු ප්‍රසිද්ධ ස්ථානවල දියනෑම ඇෆ්ගනිස්තානයේ තලේබාන් සංවිධානය විසින් තහනම් කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

උස්බෙකිස්තානයට යාබද උතුරු බල්ක් ප්‍රාන්තයේ ආගමික ප්‍රධානීන් ඇතුළු බලධාරීන් මෙම තීරණය ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ‍

ඒ අනුව කාන්තාවන්ට දිය නෑ හැක්කේ පෞද්ගලික ස්ථානවලින් පමණක් වන අතර සිය නිවසේ පෞද්ගලිකව දිය නෑමට පහසුකම් නොමැති කාන්තාවන්ට වෙනත් පෞද්ගලික ස්ථානයකට ගොස් දිය නෑ හැකි අතර එහිදී ද හිජාබයෙන් සැරසී සිටීම අනිවාර්ය කර ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

පිරිමින්ට පමණක් පොදු ස්ථානවලින් දිය නෑමට අවසරය හිමිව ඇති අතර මීට අමතරව බාලවයස්කාර පිරිමි දරුවන්ට ද පොදු ස්ථානවල දිය නෑම තහනම් කර ඇති අතර පොදු ස්ථානවල දිය නෑමේදී පිරිමින් අතර සිරුරු සම්භාහනය කිරීම ද තහනම් කර තිබේ.

මීට අමතරව බාලවයස්කාර පිරිමි දරැවන්ට ද පොදු ස්ථානවල දිය නෑම තහනම් කර ඇති අතර පොදු ස්ථානවල දිය නෑමේදී පිරිමින් අතර සිරුරු සම්භාහනය කිරීම ද තහනම් කර තිබෙනවා.

මීට පෙර ඇෆ්ගනිස්ථානයේ බටහිර හේරාට් ප්‍රාන්තයේ බලධාරීන් ද කාන්තාවන් පොදු ස්ථානවලින් දිය නෑම තහනම් කරනු ලැබ තිබුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here