Sunday, May 19, 2024

“එක් ඇමතිවරයෙක් ඉවත්කර පිපිරීම වළක්වා ගන්න බැරිවෙයි” – මෛත්‍රී

පවතින අර්බුදවලට විසදුම අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ඉවත් කිරීම නොව ගැටළුවලට විසදුම් ලබාදීම බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. මාතලේ පැවති පක්ෂ නියෝජිත සමුළුවක් අමතමින් ඒ මහතා මේ බව පැවස‍ීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පවැසීය.

සුසිල් ප්‍රේම්ජයන්ත් විතරක් අස් කිරීමෙන් පමණක් සිදුවන සිද්ධීන් ආණ්ඩුවට වළක්වාගත නොහැකිබව හිටපු ජනාධිපති මෛත්‍රීපාල  සිරිසේන පවසයි.

මන්ත්‍රී සුසිල් ප්‍රේම්ජයන්ත් ආණ්ඩුවට එක් හයේ පාරක් ගැහුවත් ඇමැති නිමල් ලංසා ආණ්ඩුවට හයේ පාරවල් දෙකක් ගැසූ නමුත් ආණ්ඩුව නිමල් ලංසා ඇමැතිවරයාට අත නොතබන බවත් ඊට හේතුව ඔහු ආණ්ඩුවේ බොහෝ දේ දන්නා නිසා බවත් සිරිසේන මහතා ප්‍රකාශ කරයි.

“අලුත් අවුරුද්ද ලබලා දවස් 4යි. මේ අවුරුද්දේ පළවෙනියෙන් නිකුත්වුණ ඡන්ද ප්‍රතිඵලය තමයි ගිය සෙනසුරාදා සුසිල් ප්‍රේම්ජයන්ත් ඇමතිතුමා පොළේ ගියා හැම සුමානේම යන්නවා වගේ. ඒ වේලාවේ මාධ්‍යවේදීන් එතුමාගෙන් ඇසුවා කොහොමද ආණ්ඩුව කියලා. සුසිල් ප්‍රේම්ජයන්ත් මහත්තයා උත්තරයක් දුන්නා, දීලා සුයිප් එකකුත් අරගෙන ආණ්ඩුවට හයේ පාරක් ගහලා ගෙදර ගියා. පැය 24ක් යනකොට මම කියපු ඡන්ද ප්‍රතිඵලය නිකුත් වුණා. උදේ ජනාධිපතිතුමා විසින් සුසිල් ප්‍රේම්ජයන්ත් ඇමතිවරයා වහාම ක්‍රියාත්මක වන පරිදි අමාත්‍ය ධුරයෙන් ඉවත් කළා. මට පේන විදිහට 2022 අවුරුද්ද එක ඇමතිවරයෙක් අස්කිරීමෙන් පමණක්  සිදුවන සිදුවීමක් වළක්වාගැනීමට ආණ්ඩුවට නොහැකි වෙයි. ආණ්ඩුව නිවැරදි වුණොත්, ආණ්ඩුව හැදුනොත්, ආණ්ඩුව හරිදේ කරන්න පටන් ගත්තොත් ජනතාවගේ ප්‍රශ්න දුක්වේදනා හඳුනාගත්තොත් ඔය පිපිරීම වළක්වා ගන්න පුළුවන්. පොහොර නැතුව ගොවියා විඳින දුක. මේ රටේ මෑත ඉතිහාසයේ දන්නා පරිදි ඉංග්‍රිසි පාලකයින්ගේ කාලේදීවත් ගොවියාට මෙහෙම වේදනාවක් දුන්නේ නැහැ. ගොවියා සහ කෘෂිකර්මය තලලා පෙළලා, පාගලා, බෙල්ල මිරිකලා නැගිටින්නට බැරිවෙන්න ඉවරම කරලා තියෙන්නේ.

සුසිල්ව අස්කරා පොළේ ගිහින් කියපු කතාවට. ලාන්සා ඇමතිතුමා ගම්පහ ඔයිටත් දරුණු ප්‍රකාශයක් කරා. එයා හයේ පාරවල් දෙකක් ගැහුවා දවස් තුනකට ඉස්සෙල්ලා. හැබැයි ලාන්සාට නෑ ඉල්ලා අස්වීමක්. මම දන්නවා හේතුව ලාන්සාට අත තියන්නේ නෑ. ඒ මොකද ලාන්සා ඔක්කෝම දන්න මිනිහා. වෙන හේතුවක් නෙමෙයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අලුත් වැඩපිළිවෙලකට අවතීර්ණ වුණේ විශේෂයෙන්ම රට තියෙන තත්ත්වයෙන් මුදවා ගැනීම සඳහා. අපි මේ ආණ්ඩුව හැදුවා. මේ ආණ්ඩුව අපි බලයට පත්කෙරුවා. පොහොට්ටුවේ ජීරණයවෙලා ඉන්න සමහරු කියනවා 69 ලක්ෂය ඒ අයගේම තමා කියලා. නැහැ 69 ලක්ෂය ඒ අයගේම නෙමෙයි. මේ ආණ්ඩුව සන්ධාන ආණ්ඩුවක්. මේක හදන්න දේශපාලන පක්ෂ 13ක් එකට එකතු වුණා. ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය. එතැන ප්‍රබලම පක්ෂය අපි. අද පාර්ලිමේන්තුවේ ප්‍රබලම තුන්වැනි පක්ෂය අපි. සමහර අය හිතනවා අපේම අය මේ පක්ෂය දැන් හුඟාක් වැටිලා ගොඩගන්න බැරි තැනට විනාශවෙලා තියෙන්නේ කියලා. නෑ. අපි එහෙම වැටිලා නෑ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බරපතළ වැටීමකට ලක්වුණේ පක්ෂ ඉතිහාසයේ අවුරුදු 70ක 1977 දී බණ්ඩාරනායක මැතිවරණයේ දී අපි ආසන 8ට බැස්සා.”

තනි පක්ෂයකට යළි ආණ්ඩුවක් පිහිටුවන්න  බෑ. එම නිසා හොරුන්ගෙන් දූෂිතයන්ගෙන් තොරව නව සංධාන ආණ්ඩුවක් යටතේ පුළුල් ජාතික ප්‍රතිපත්තියක් සකස්කරමින් නව ගමනකට නායකත්වය දෙන්න ශ්‍රීලංකා නිදහස් පක්ෂය සූදානම්.

ප්‍රාදේශීය සභාවේ සිට පාර්ලිමේන්තුව දක්වා සෑම ස්ථානයක ඉන්නේ හොරු. ප්‍රාදේශීය සභාව වැලි පර්මිට් එකෙන් කොමිස් ගහනවා. පාර්ලිමේන්තුවට ගියාම ව්‍යාපෘතිවලින් හා ටෙන්ඩර්වලින් කොමිස් ගහනවා යැයි ඔහු පැවසීය.

මාතලේ ද ග්‍රෑන් මවුන්ටන් හෝටලයේ පැවැති දිස්ත්‍රික් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සම්මේලනය අමතමින් හිටපු ජනපතිවරයා මේ බව පැවසීය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles