Saturday, November 16, 2024

වී කිලෝව රුපියල් 75ට ගන්නවා

වී අලෙවි මණ්ඩලය මෙවර මහ කන්නයේ වී කිලෝව රුපියල් 75/=ක් බැගින් මිලදී ගන්නා බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කළේය.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ කාබනික පොහොර යොදාගෙන වී ගොවිතැන් කළ ගොවීන්ට සහනයක් ලබා දීම වෙනුවෙන් මෙවර මහ කන්නයේ වී කිලෝවකට රුපියල් 25/= ක් වැඩිපුර ගෙවීමට රජය තීරණය කර ඇති බවය.

මේ අතර වගා හානි සඳහා වන්දි ගෙවීමට ද කෘෂි රක්ෂණ මණ්ඩලය සූදානමින් සිටින බව පෙන්වා දුන් අමාත්‍යවරයා ඉකුත් වසරේ ද වගා හානි සඳහා රුපියල් මිලියන 5000ක් ගෙවා ඇති බවද සඳහන් කළේය. ඒ අනුව මේ වසරේ ද හානි සඳහා වන්දි ගෙවන බවද අමාත්‍යවරයා කීවේය.

මෙි අතර සෑම දිස්ත්‍රික්කයකම ආදර්ශ කෘෂි ගම්මානයක් පිහිටුවා ඒවායේ වැඩ කටයුතු සඳහා දිස්ත්‍රික්කයකින් තරුණ තරුණියන් සියය බැගින් බඳවා ගන්නා බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.

නවීන තාක්ෂණය යොදා ගනිමින් මෙරටට අවශ්‍ය ආහාර බෝග මෙම තරුණ කෘෂි ගම්මානවල වගා කිරීමට අපේක්ෂිත බවද කෘෂිකර්ම අමාත්‍යවරයා කීය.

මෙම ව්‍යපෘතිය සඳහා 2022 වර්ෂයේ රුපියල් මිලියන 600ක් වෙන් කර ඇති බව ද කෘෂිකර්ම අමාත්‍යවරයා සඳහන් කළේය.

කෘෂිකර්ම අමාත්‍යාංශයේ පැවැති විශේෂ සාකච්ඡාවකදී අමාත්‍යවරයා පැවසුයේ ජාතික කෘෂි නිෂ්පාදන ඉහළ නංවා ගැනීමේ අරමුණ ඇතිව පවුල් සියයට වඩා පදිංචි ග්‍රාම නිලධාරි වසම් දෙක බැගින් දිස්ත්‍රික් මට්ටමින් තෝරාගෙන කෘෂි නිෂ්පාදන ආර්ථික රටාවක් එම ගම්මාන වල ස්ථාපිත කිරිම කෘෂිකර්ම අමාත්‍යාංශයේ අපේක්ෂාව බවයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles