Monday, May 20, 2024

ඉන්දුනීසියානු සාම්ප්‍රදායික වගා ක්‍රමයක් වන “සෝජාන් වගා ක්‍රමය” නව වගා ව්‍යාපෘති පහක් ඇරඹීමට සැලසුම්

ඉන්දුනිසියානු සාම්ප්‍රදායික වගා ක්‍රමයක් වන සෝජාන් වගා ක්‍රමය යටතේ නව වගා ව්‍යාපෘති 05ක් මෙම වසර තුළ හඳුන්වා දීමට පරිසර අමාත්‍යංශය තීරණය කර තිබේ.

ලවණ ජලය සහිත ඉඩම්, වගුරු බිම්, මෙන්ම ජලය විදිමත් පරිදි බැස නොයන වගා කළ හැකි එහෙත් දැනට පුරන් වීමට ඉඩ හැර තිබෙන කුඹුරු ඉඩම් ආශ්‍රිතව සිදු කෙරෙන මෙම වගාක්‍රමය යටතේ ඇරැඹෙන නව වගා ව්‍යාපෘති සදහා මුල්‍ය ප්‍රතිපාදන පරිසර අමාත්‍යංශය මගින් ලබා දෙන බවත් ඒවා රැක බලා ගැනීම හා නඩත්තු කිරීම ජනතාව සතු බවත් පරිසර ඇමැති මහින්ද අමරවීර මහතා පැවැසීය.

මධ්‍යම පරිසර අධිකාරිය සඳහා වෙන් කර තිබෙන මුල්‍ය ප්‍රතිපාදන ව්‍යාපෘති සඳහා වෙන් කිරීමේ දී ප්‍රමුඛත්වය ලබා දිය යුතු ආකාරය පිළිබඳ සාකච්ඡාවක් පසුගියදා පරිසර අමාත්‍යංශයේ දී පැවැත්වු අවස්ථාවේදී ඇමැතිවරයා මේ බැව් අනාවරණ කළේය.

ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ සංඛ්‍යාලේඛන අනුව අපේ රටේ මේ වනවිට කෘෂිකාර්මික කටයුතු සඳහා යොදා ගත නොහැකි පුරන් කුඹුරු අක්කර 20,917ක් තිබෙන අතර වගා කළ හැකි පුරන් කුඹුරු අක්කර 46,325ක්ද වන බවත් වගා කළ නොහැකි පුරන් කුඹුරුවලින් වැඩි ප්‍රමාණයක්( අක්කර 5903ක්)බස්නාහිර පළාතේ පිහිටා ඇති බවත් ඇමැතිවරයා මෙහිදී පැවැසීය.

එමෙන්ම වගා කළ හැකි පුරන් කුඹුරුවලින් සියයට 50කට ආසන්න ප්‍රමාණයක් ද බස්නාහිර පළාතේ ඇති අතර එය අක්කර 18,461.35ක්ද පැවැසූ ඇමැතිවරයා රටේ ආහාර නිෂ්පාදනය වැඩි කිරීම මෙන්ම ජනතාවගේ ජීවනෝපාය සංවර්ධනය සඳහා පාරිසරික සංරක්ෂණය යටතේක්‍රියාත්මක කළ හැකි ව්‍යාපෘති හැකි තරම් මෙම වසර තුළ ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපතිතුමන් උපදෙස් දුන් බව ද ප්‍රකාශ කළේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles